IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා:

පාස්කු ප්‍රහාරය සිද්ධ වෙද්දී රටේ ජනාධිපතිකම ආරක්ෂක ඇමැතිකම  සේනාධිනායකකම  පොලිසිය බාර  ඇමැතිකම සියල්ල දැරුවේ එක පුද්ගලයයි. ඒ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා.එතුමාට ඒ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කියලා එදා හිතුවේත්  නැහැ. අද හිතන්නෙත් නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය. මම මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු පුළුල් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

තුෂාර ඉඳුනිල් මහතා:

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සියල්ලේ  බලධාරියාවූ සේක තමයි.හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලයේ අගමැතිවරයා.

ඔහුත් චූදිතයකු විදියට ඔබතුමාලා නම් කළා. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන ඔබතුමාලා දෙන්නෙත් ඔය වගේ දියාරු උත්තරයක්ද.



අදහස් (0)

මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site