(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුව උපයන මුදලමෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය විශේෂඥයෝ පිරිසක් රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසූහ.
මේ අතර මාධ්‍ය මඟින් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙම කාරක සභාවේ අවධානය මෙහිදී යොමුවිය.
මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අත්සනින් යුතු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කළේය.
දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයන් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය හෙයින් නිලධාරීන් කැඳවීමට විශේෂ කාරක සභාව තීරණය කළේය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් දුම්වැටි ගැන නොදන්න කතාවක් මැතිසබයට
චන්දන ප්‍රසන්න Tuesday, 10 October 2023 06:15 PM
ගල්පැලෙන බොරුනේ... 2021 සුරාබදු ආදායම රුපියල් බිලියන 170යි. ඒ අවුරුද්දේ මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට ම අයවැයෙන් වෙන්කරපු මුදල රුපියල් බිලියන 212යි. ඒ කියන්නේ ඇමැතිවරුන්ට, කාර්ය මණ්ඩලවලට, දූෂණ වංචාවලට සහ රෝහල්වල සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරන්න යන වියදමෙන් 80%ක් කවර් කරන්න පුළුවන් සුරාබදුවලින්....!
SamithaWednesday, 11 October 2023 09:23 AM
මො මත්පැන් සහ දුම්කොළ මාෆියාවේ කුලියට ගත් පුද්ගලයෙකි!
රසික Wednesday, 11 October 2023 10:27 AM
තමන්ගෙම අයවැය ලේඛනවල තියෙන සංඛ්‍යා දත්ත ගැන මන්ත්‍රීවරු දැනුවත් නැද්ද? දන්නවනම් මේ වගේ බේගල් ඇදබාන්න විසේසඥයන්ට බෑනෙ.