IMG-LOGO

මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි

මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අද (26) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්සවයක් පැවැත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ ත්‍රිවිධ හමුදා පොලිස් හා රේගු නිලධාරීන්ට එහිදී සම්මාන පිරිනැමුණු අතර අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ජනපතිට සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක යන මහත්වරුද උත්සවයට එක්ව සිටියහ.

IMG_6249 IMG_6302 IMG_6352 IMG_6390

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි

ශාන් Monday, 27 June 2016 05:11 AM

මේවා බලලම එපාවෙලා තියෙන්නේ අපිට (නි)

:       0       0

අසංග Monday, 27 June 2016 05:25 AM

ඔබට ජය මැතිඳුනි! (නි)

:       0       0

රත්නායක Monday, 27 June 2016 05:57 AM

හැමදාම හැමදේම වැරදි ලෙස බලන්න හොඳ නැහැ නේද ? (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 27 June 2016 07:57 AM

"මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි". අපේ මුදල් වියදම් කරමින් යහපාලනයට ඡන්ද අරගෙන දුන්නු මිනිසුන්ගෙන් ලංකාවේදී ගුටි කන්න වෙන්නේ නැතිව දුන්නු පොරොන්දු ඉෂ්ඨ කළානම් හොද නැද්ද? (බ)

:       0       0

නිම්මි Sunday, 26 June 2016 02:24 PM

පහුගිය කාලේ මෙයාට මේවා නවත්තන්න දුන් නැහැ කියලනේ කිව්වේ. ඉතින් දැන් රටේ ජනාධිපතිනේ. මොනවා කරන්න බැරිද? (බ)

:       0       0

ධම්ම Sunday, 26 June 2016 02:21 PM

දැන් ඔය කියන දිනය සමරුවාම අපට ඇති සෙතේ මොකක්ද. (බ)

:       0       0

සාලිය Sunday, 26 June 2016 03:02 PM

ලංකාවේ ලොකුම කුඩු ජාවාරම් කාරයෙක්ව ඇමති මණ්ඩලේ තියාගෙනද මහත්තයෝ මත්ද්‍රව්‍ය පිටුදකින්නේ? (බ)

:       0       0

අයිරා Sunday, 26 June 2016 03:08 PM

අදකාලේ හැමදේටම දවසක් වෙන් කරල තියෙනව.ඒ දවස ව්තරක් මහ ඉහළින් සමරල වැඩක් නෑ එදාට දෙන පොරොන්දුත් ඒ වගේම ස්ථිර කරනවනම් කොයි තරම් වට්නවද. (බ)

:       0       0

උපාලි Sunday, 26 June 2016 03:25 PM

මොනවා කළත් අපි අගය කරනවා මෙහෙම නිලධාරීන් දිරිමත් කිරීම ගැන. ඒ මොකද ඉස්සර පොලිසියෙන් ලොකු කුඩුකාරයෝ ඇල්ලුවාම ලොක්කෝ යනවා උන්ව බලන්න ගෙවල්වලට. එතකොට දිරිමත් කළේ නිලධාරීන් නෙමයි කුඩු කාරයින්වයි. (බ)

:       0       0

රජිත් මංජුල‍ Sunday, 26 June 2016 05:12 PM

මට මතකයි සරත් ෆොන්සේකා මැතිතුමා දේසපාලන වැඩසටහනකදී කිව්වා එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරනවා කියලා. ඔච්චර දඟලන්නේ මොකටද? එතුමාට බාරදෙන්න. අවංක උවමනාවක් තියෙනවා නම් අභියෝගය බාරගන්න කෙනාට අවස්ථාවක් දෙන්න ඕනෑ. අපි තවත් අඳුරේ අතපත ගාන එක නවත්වමු. (නි)

:       0       0

දිල්ශාන් Monday, 27 June 2016 10:51 AM

නැවත නැවතත් අහමු බයිලා.කඳු නාය යද්දී මිනිසුන් මැරෙද්දී අපි අහමු බයිලා. (අ)

:       0       0

සංජීව Sunday, 26 June 2016 08:33 PM

උපාලි, ඒ වගේම අපි අගය ක‍රන්න ඕනෑ තවත් දේවල් තිබෙනවා

:       0       0

නිමල්ලලිත් Monday, 27 June 2016 11:23 AM

මේවාට ජනපති තුමාම මැදිහත් වීමට ඇවසි නැහැ.(අ)

:       0       0

කමණි Monday, 27 June 2016 01:58 AM

දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත් විසඳුනා. මෙහෙම ගියොත් ඊළඟට එන අයට විසඳන්න ප්‍රශ්නයක් නැතිවීම ප්‍රශ්නයක් වෙයිද? (නි)

:       0       0

කණිෂ්ක Monday, 27 June 2016 02:50 AM

ජනවාරි අට ඉඳන්ම පෙරට ආවනේ. දැන්වත් ඕක කරලා පෙන්නුවොත් නරකද? (නි)

:       0       0

තිලකසිරි Monday, 27 June 2016 03:10 AM

රජිත් මංජුල‍, ඔබගේ අදහස 100% සත්‍යයි. එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරන්න පුළුවන් වගේම රටේ ධනස්කන්දය ගසාක‍ෑ දුෂිතයන්ගේ ලෝකයේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ප්‍රකෝටි මුදල් ටික ජනතා සතුකරන්නත් පුලුවන්. ඒ නිසා කිය කියා ඉන්නේ නැතුව එතුමාට බාරදෙන්නනේ තියෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 27 June 2016 03:08 AM

දැන් ඉතින් දුෂිතයෝ ටික අල්ලලා ඉවරද? ඒ මුදල් ජනතා සතුකරලා දැඩි දඬුවම් දීලා ඉවරද? ලැජ්ජයි. (නි)

:       0       0

විජිත Monday, 27 June 2016 03:12 AM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

පද්මිණී Monday, 27 June 2016 03:59 AM

ජනපතිතුමා හැරුණුකොට අනිත් අය ඔය නිවාරණය කරන්න යන්නේ අවංකවමද? මම කියන්නේ මේ රේගු මහත්තුරු, පොලිස් මහත්තුරු එහෙම. (නි)

:       0       0

තිලාන් Monday, 27 June 2016 04:04 AM

ඔබතුමාගේ සටනට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 58 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 618 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site