IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි

(ඉන්දිකා රාමනායක)

බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු   සුරාබදු නිලධාරීන් ගේ  වෙඩි ප්‍රහාර හමුවේ අද (7)  පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකයකු ඇතුළු සුරාබදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය පවසයි.

 සුරාබදු නිලධාරීන් විසින්  උපයා දුතයන් වශයෙන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මත්කුඩු තොගයක්  ඇනවුම්කර ඇති අතර  කතා කරගත් පරිදි   සැකකරුවන් මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ පස්වරුවේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට පැමිණ ඇති බව බව පොලිසිය කියයි.

මෙහදී සැකකරුවන්  කිසියම් උගුලකට හසුව ඇති බව දැනගෙන  මත්ද්‍රව්‍ය ජාවාරම සිදු නොකර පලා යාමට උත්සහ කිරීමේ දී නිලධාරීන් එම රථයයේ ටයර් වලට  වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

 වෙඩි ප්‍රහාර හමුවේ පලා යමින් සිටි සැකකරුවන්  අතර මග මෝටර් රථය දමා  ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවට හෙළි වී ඇති බවද පොලිසිය පවසයි

මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බවද පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (2)

මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි

Chandima Tuesday, 08 August 2023 02:18 AM

කුඩ්ඩෝ රාලහාමිගේ යාළුවො වෙන්න ඇති .නැතිනම් සුරාබදු නිලධාරීන් අත් අඩංගුවට ගන්නේ නැහැනේ ?

:       0       1

sriyal Tuesday, 08 August 2023 08:04 AM

මේක පුදුම සහගත සිදුවීමක් වගේ. සුරාබදු කවද්ද මෙහෙම කලේ කප්පම් සිද්ධියක් විය හැකිය

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site