තරිඳු ජයවර්ධන
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ‘ලකාදීපයට‘ පැවසීය.
මිය ගිය හය දෙනා අතර අවුරුදු 13ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ද සිටින බව එම ප්‍රකාශකයා කීවේය.
අද දහවල් 2.30ට පමණ මීතොට මුල්ල කුණු කන්දේ කොටසක් නාය යෑමෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් යට වන්නට ඇතැයි සැක කරේ. ඉන් නිවාස රැසක සිටි පිරිස් දිව ගොස් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසියෙක් කීවේය.
අද රාත්‍රී අඳුරේම යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර රාත්‍රී 9ට පමණ හමුදා මෙහෙයුම් තාවකාලිකව නතර කැරිණි. එහෙත් ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් නිවෙස් සෝදිසි කරන අයුරු දක්නට ලැබිණි.
මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදීම විරෝධතා පැවැත්වුවද දේශපාලන කඹ ඇදිල්ල නිසා එය ඉවත් නොකළ බවත්, අද උදේ වන තුරුම කුණු ගෙනැවිත් දැමූ බවත් ප්‍රදේශවාසියෙක් කීවේය.
කුණු කන්ද කඩා වැටීමත් සමඟ කුපිත වූ පිරිසක් කුණු කන්ද මුදුනේ තිබූ බැකෝ යන්ත්‍ර දෙකකට ගිනි තැබීය.
රාත්‍රී 10 පමණ වන විටත් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය අසල ප්‍රදේශවාසීහු පිරිසක් රැස්ව සිටියහ.
අවට පොලිසි රැසක විශාල පිරිසක් ද පැමිණ සිටිති. එම ප්‍රදේශයේ සිටි තම ඥාතීන් ගැන විස්තර රාහුල විද්‍යාලයයේ පිහිටවා ඇති මධ්‍යස්ථානයට ලබා දෙන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා ඉල්ලයි.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මරන හයක්
siri Friday, 14 April 2017 10:29 PM
කණගාටුදායක පුවතක්, දේශපලකයනි, දැන්වත් අවදිවවූ.
abaran Friday, 14 April 2017 10:55 PM
පුවත් පත් වලින් (විශේෂයෙන් ලංකාදීපයෙන්) ඔය කුණු කන්ද ගැන කතා කරන්නේ අද ඊයේද ? දහජරා දේශපාලකයන්ට බලය ලැබුනාම ඒ අය හැමවෙලේම බලන්නේ තම තමන්ගේ පවුල් ප්‍රශ්ණ ගැන මිසක් ජනතාව ගැන නොවෙයි...කොයි පක්ෂය බලයට ආවත් ඔය දේ නවත්වන්ට බැහැ ...මට නම් ඔය සුදු ඇඳගත්තු දේශපාලකයෝ දැක්කහම ඔය කුනුකන්දටත් වඩා අප්‍රසන්නයි ..ගඳයි ....අප්පිරියයි....ජුගුප්සාජනකයි.....
Saman Saturday, 15 April 2017 01:44 AM
රන්ජන්ට බලතල ඇතිව මේවාගෙ දේවල් බාර දුන්නොත් නම් , එයා මේව ජනතාවගේ පැත්තෙන් විසඳාවි.
dias Saturday, 15 April 2017 02:49 AM
බස්නාහිර මහාඇමතිතුමෝ දැන්වත් කොළඹ කුණු ප්‍රශ්නෙට විසදුමක් න්න. පොලිතින්වලට බදු පනවා එම මුදල් යොදවා ජපානෙන් හෝ ජර්මනියෙන් තාක්ෂණය ගෙන ප්‍රතිචක්‍රීය වැඩ පිළිවෙලක් ඇති කරන්න. නැත්නම් කොළඹ කුණු උතුරු කොලබට බාන්ඩ
waruna Saturday, 15 April 2017 06:44 AM
මුළු ලංකාවේම කුණු ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. පළාත්පාලන ආයතන මේ පිළිබඳව සොයාබැලිය යුතුයි.
.karunaratne dissanayake Saturday, 15 April 2017 11:54 AM
කාබනික පොහොර හදන්න පුළුවන්කම තිබියදී දේශපාලනඥයො වෙනත් දේවල් කරනවා.