IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොණරාගල ඡන්දය කල් දාන තීරණය දැනට නැහැ

මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද නීති තදින් ක්‍රියාත්මක කරන බවටත්, දැනට පවතින වාතාවරණය මීට වඩා යහපත් මට්ටමක පවත්වා ගෙන යෑමට උත්සාහ කරන බවටත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති රැස්වීමක දී දේශපාලන පක්ෂ නියෝජිතයෝ, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීහු එකඟ වූහ.

මොණරාගල ඡන්ද නීති දිගින් දිගටම උල්ලංඝණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට චෝදනා එල්ල වීම නිසා එම ප්‍රදේශයේ ඡන්දය පවත්වනවා ද, කල් දමනවා ද යන්න සොයා බැලීමට අද එම රැස්වීම පැවැත්විණි.

පක්ෂ නියෝජිතයන්, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාපති සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේ දී ඉදිරි කාලයේ යහපත් වාතාවරණයක් පවත්වාගෙන යෑමට පොරොන්දු වූ නිසා ඡන්දය කල් දැමීමේ තීරණයක් දැනට නැතැයි ද, ඉදිරි වාතාවරණය අනුව එය සලකා බලන බව ද මැතිවරණ කොමසාරිස් ‘එසැණට‘ කීවේය.



අදහස් (0)

මොණරාගල ඡන්දය කල් දාන තීරණය දැනට නැහැ

ලාල් Thursday, 11 September 2014 12:04 AM

කෝ අර "ඉස්සරත් මෙහෙමයි, ඉතින් දැන් මොකද" කියන කට්ටිය? (නි)

:       0       0

අනුර Thursday, 11 September 2014 02:49 AM

ලංකාවේ ඡන්ද ගැන කවර කතාද? (නි)

:       0       0

ශාන්ත Thursday, 11 September 2014 03:45 AM

හිනහා යනවා මේ කියන කතා වලට (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 September 2014 11:02 AM

මනාප ඡන්ද ක්‍රමේදී ප්‍රචණ්ඩ ක්‍රියා නැති මැතිවරණ ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ එක්කෝ මෝඩයෝ. එහෙමත් නැත්නම් කපටියෝ. බලය තියෙන එකා අඩු වැඩි වශයෙන් බලය පාවිච්චි කරනවා. නැති එකා එක්කෝ ගුටි කනවා. නැත්නම් ගුටි කාපු බව අගවනවා. කව්රු බලයේ හිටියත් ඔච්චර තමයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 September 2014 11:37 AM

මේ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්තන්ඩ ඇති එකම විසදුම විදායක ක්‍රමය අහෝසි කිරීම පමණයි. නැත්තන් ඉතින් කව්රු බලයේ හිටියත් ඔච්චර තමයි. (නදී)

:       0       0

පද්මිණි Thursday, 11 September 2014 05:03 AM

ලෝකෙන්ම දරුණු කොටි ත්‍රස්තවාදය විනාශ කළ ලංකාවට සමහරු කියන පරිදි, මේ ලංකාවේ දුප්පත්ම ආසන 5 ඇතුළත් දිස්ත්‍රික්කයේ ඡන්දය පවත්වාගන්නට තරම්වත් සවියක් නැහැ කියලද කියන්නේ. (නි)

:       0       0

සෆෙර්දීන් Wednesday, 10 September 2014 01:14 PM

මහා මැතිවරණය දවස් කීයක් තියන්න වේවිද මන්දා මෙහෙම ගියොත්? (නි)

:       0       0

පතිරණ Wednesday, 10 September 2014 01:36 PM

මෙතුමා කියනවා නම් හරි ඇති. (නි)

:       0       0

සැමුවල් Thursday, 11 September 2014 07:21 AM

ඔබතුමා හොඳට හිනාවෙලා දෙන්නේ මේ අලි කන ලනු තමයි. (නදී)

:       0       0

ප්‍රේමතිලක Wednesday, 10 September 2014 02:11 PM

පක්ෂ නියෝජිතයො නෙමෙයි ආධාරකරුවොනෙ නීති කඩන්නේ (නි)

:       0       0

පියුමි Wednesday, 10 September 2014 02:26 PM

පවතින ආණ්ඩුව පරදින ලකුණු ඇති නිසා මොනරාගල ඡන්දෙ අවලංගු කරන බව විසශ්වාසයි(අ)

:       0       0

පිටිගල Wednesday, 10 September 2014 02:54 PM

ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් කිව්වේ භීෂණයක් නැහැ කියලා, මැ. කෝ. කිව්වෙත් එහෙමයි යකා කළු නැහැ කියලත් කිව්වා. දැන් ඔය කියන්නේ මොකක්ද? යහපත් වාතාවරණයක් ඇති කරනවා කියන්නේ අයහපත් වාතාවරණයක් තිබුන නිසා නේද? මිනිස්සු දැන් ඔය දෙපිට දෙවාරු කතා විශ්වාස කරන්නේ නැහැ මහත්තයෝ! (අ)

:       0       0

කුසුම් Wednesday, 10 September 2014 03:13 PM

කෙරීගෙන යන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන දෙස බලන විට මේ මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. මෙය බොරුවට පෙනෙන්නට කරන මැතිවරණයක් පමණක් බවයි මගේ හැගීම. ලංකා ඉතිහාසයේ දුෂිත මැතිවරණ පවත්වා තිබුනත් මේ තරම් පහත් මට්ටමට වැටේවියයි කිසිදා නොසිතුවෙමි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site