IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති

(අංජුල මහික වීරරත්න)

රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ "මිණි ධන පදනම" මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ.

මෙම  මැණික් පුටුව නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පූජා කෙරෙනු ඇත.

චුලෝදර- මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල් කර ගනිමින් ඇති කරගත් ගැටුම බුදුන් වහන්සේ විසින් සංසිඳවීම සිහිපත් කරමින්  නාගදීප රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීමට "මිණි ධන පදනම අපේක්ෂා කරයි.

මෙම මැණික් පුටුව පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් මැණික් පුටුව රැගත් රථ පෙරහර හෙට (3) රත්නපුර ඔරලෝසු කණුව අසලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එදින හවස කැලණිය රජ මහා විහාරයට වැඩම කරවන මැණික් පුටුව පසුදා (4) උදෑසන වනතුරු කැලණි රජමහා විහාරයේ වන්දනාමානයට තැන්පත් කෙරෙයි.

පසු දින (4) උදෑසන මැණික් පුටුව දඹුල්ල රජමහා විහාරයටත්, 5 වැනි දා සවස රුවන්වැලි මහා සෑයටත් වැඩම කෙරේ. අනතුරුව 6 වැනිදා යාපනය නාග විහාරයට සහ 7 වැනිදා මුහුදු මාර්ගයෙන්  නාගදීප පුරාණ රජමහා විහාරයට මැණික් පුටුව  වැඩම කරවන බව නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ පැවසූහ.



අදහස් (25)

මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති

ලූට මූස් Monday, 02 June 2025 06:34 PM

පුටුවකට වන්දනා කරන්නේ මොන මෝඩ රැලක්ද?

:       0       0

පොඩිඑකා Monday, 02 June 2025 06:39 PM

මේකනං බුදුහාමුදුරුවෝවත් අනුමත කරන්නේ නැති මරි මෝඩ වැඩක්, අනික ඒක කැලණි රජමහා විහාරෙ වන්දනා කරන්න තියෙනවලු, පුටුවලට වදින්නේ මොන මෝඩයෝද? බුදු දහමටත් නිගාවක්. ඒ කෝටි සීය අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදාගන්න දුන්නා නම් කොච්චර වටිනවාද?

:       17       60

JayasekaraTuesday, 03 June 2025 09:23 AM

එහෙම කියන්න එපා… “අග්‍ර දෙයහි අගර විපාක ලැබේ” කියලා තමයි උන්වහන්සේ දේශනා කරේ. බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලය තවම සක්වළ පුරා පවතිනවා . ඒක උන්වහන්සේ පිරිනිවන් පෑවත් එහි විපාකය උන්වහන්සේට ලැබෙනවා . හැම ගෙදරකම මල් පහන් ගිලන් පසින් බුද්ධ පූජාවන් පවත්වන්නෙත් ඒ අනුහස් බලයෙන්. ඒ පූජාවන්ට ගරහන්න එපා

:       1       4

ගුණරත්නTuesday, 03 June 2025 10:18 AM

බුදුන්වහන්සේගේ කාලයේ ජේතවනාරාමය මිලදී ගත්තේ රත්රන් කාසි බිම අතුරලා!

:       0       4

පොඩිඑකාTuesday, 03 June 2025 12:17 PM

හැම දේම අගුණ දකින අගුණරතන, ජේතවනාරාමෙ පූජාකලේ බුදුන් ඇතුළු මහ සග රුවනට වැඩ සිටින්න. මේ වගේ හිස් වැඩකට නෙවෙයි. අනික මේ පුටුවට වන්දනා කරනවලු. මොන මෝඩ වැඩක්ද පුටු වැදිල්ල? ගොඩක් දහම් පාසල් වල ළමයි පුටු නැති නිසා ඉගෙනගන්නෙ බිම ඉදගෙන. කොළඹත් එහෙම දහම් පාසල් තියෙනවා. අඩුගානෙ ඒ වගේ වැඩකට ඇති වැඩක් කලානම් කොච්චර හොදද? ඔයාට ඉතිං ඕව තේරෙන්නෙ නෑ.

:       4       2

JayasekaraTuesday, 03 June 2025 12:41 PM

මේ මිනිස්සු අනුන් කරන සුවිසල් කුසලයක් අනුමෝදම් වෙන්නේ නැතිව අපමණ පව් පුරවාගන්නවා...

:       0       0

KumaraTuesday, 03 June 2025 11:27 AM

ඩෙංගු රෝගය බහුලව පවතින නගරය පිරිසිදු කිරීමට මේ මුදල් වියදම් කළා නම් ගොඩක් හොඳයි. මෝඩ වැඩක්!!!

:       4       1

JayasekaraTuesday, 03 June 2025 12:39 PM

ඔහොම හිතුවා නම් අද අපිට වඳින්න කිසිම දෙයක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ. අනුන් කරන පිනක් දැක අනුමෝදන් වෙන්න බැරි මිනිස්සු...

:       0       0

ලුන්ට හොදටම මූස් Monday, 02 June 2025 06:47 PM

පුටුව වැඩම කරවනවලු, අනික කැලණි විහාරෙ තියනවලු පුටුවට වන්දනා කරන්න, එතකොට වදින්න ඕන “පුටුවං සරණං ගච්ඡාමි” කියලද? කැලණි නයා දෙවන කොටස!

:       15       50

පැටියා Monday, 02 June 2025 06:51 PM

පුටුවට වදින ගාථාවක් ප්‍රසිද්ධ කළානම් පාඩං කරගෙනම වන්දනා කරන්න යන්න තිබුණා!

:       11       46

JayasekaraTuesday, 03 June 2025 09:26 AM

නොදැනුවත්ව පව් පුරෝගන්න එපා... එදා ඔය මැණික් පුටුව උන්වහන්සේට පූජා කළා පාරිභෝගික වස්තුවක් වගේ... බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලයට තාමත් පූජා කරන පූජා වස්තුන්ට ගරහන්න එපා.

:       1       3

ප්‍රියන්ත Monday, 02 June 2025 07:05 PM

දෙයියන්ගේ මල්ලි සුදු වෙනවා වගේ….!

:       10       38

නයා මල්ලි Monday, 02 June 2025 07:38 PM

බැලින්නං මේක නයි පුටුවක් නේ….! පුටුවට වඳින්න එන අයට රොටි දන්සැලකුත් දුන්නා නම් හරි!

:       0       0

Lal Monday, 02 June 2025 08:20 PM

මේ වගේ දෙයකට ගිය වටිනාකම දහ ගුණයකින් වැඩි කරලා පෙන්නලා... වත්කම් හංගන්න පුළුවන් ලස්සනට...

:       0       0

රට වැසියා Monday, 02 June 2025 09:15 PM

ලංකාවේ ඉන්න උපන් ගෙයි මෝඩ ව්‍යාපාරිකයෝ! Clean Sri Lanka ව්‍යාපෘතියේ ඉස්සරවෙලාම කරන්න ඕන මිඨ්‍යාෙවන් රට බේරා ගන්න එක...!

:       0       0

ARUMA Monday, 02 June 2025 09:33 PM

අනේ ඕක මිහින්තලේට දෙන්නකෝ...!

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 June 2025 10:59 PM

මේක විකුණලා පිළිකා රෝහලට අවශ්‍ය බෙහෙත් ආදිය අරන් දෙන්න තිබුණා. සාදුලාට උච්චාසන අකැපයි...

:       0       0

සාදාරණ කොටා Monday, 02 June 2025 11:07 PM

මැණික් පුටුව කියන්නේ මාමයි බෑණයි මරාගන්න මුල්වෙච්ච, කාම භෝගි වස්තුවක්. ඒකටද මෙයාලා වන්දනා කරන්න කියන්නේ?

:       0       0

චව්චව් Monday, 02 June 2025 11:10 PM

අනේ මට නම් ඔච්චර සල්ලි නෑ. ඒක නිසා මං හිතුවා චිංචි මානවිකාවගේ දරමිටියේ අනුරුවක් හදලා පූජා කරන්න.

:       0       0

Nandalal de Silva - France Monday, 02 June 2025 11:23 PM

පුටුවට අති විශාල වටිනාකමක් තියෙන්න ඕනෑනේ, ඔච්චර මැණික් ගල් තොගයක් ඔබ්බා තිබෙන නිසා. ඒත් ඔතරම් වටිනා පුටුවක අසුන් ගන්නේ කවුද? ඔය මැණික් පුටුවට දැනටමත් රට පුරාම විසිරී පැතිරී සිටි හොර කල්ලි කෙල හලාගෙන ඇති... මැණික් ගල් තොගය ගලවාගෙන, මල්ලක දමා, ඩෙසි ආච්චිගේ ගෙදර ඉස්තොප්පුවේ කනප්පුව මත තිබ්බා නම්, මැදමූලන තක්කඩි හොරුන්ට රට පුරාම දැවැන්ත මන්දිර ඉදිකරවා ගන්න තිබුණාද ? පව්... අනේ ... පව් !

:       0       0

Chathuri Tuesday, 03 June 2025 06:49 AM

හොඳ වේලාවට. නාකි මයිනා ඇතුළු නඩේ ගෙදර යවලා පුටුව දුන්නු එක මේ පුටුව වටින්නේ කටුගෙදරට. හාමුදුරුවොත් ගිහියෝ වගේ ආසාව අත් ඇරියොත් ඒ දේ කරන්න පුළුවන්.... හොර නඩේ නැති නිසා කටුගේත් කඩන්න කෙනෙක් නැහැනේ...

:       0       0

Chaminda Tuesday, 03 June 2025 10:48 AM

මගේ මතකය් නිවැරදියි නම් මීට අවුරුදු දහයත් විස්සත් අතර කාලයේත් ඔහොමම එකක් කලාද කියල හිතෙනවා. කොහොම වුනත් පොඩිඑකා නිවැරදියි. මැණික් වලින් විශාල වශයෙන් විනිමයක් ලැබෙනවා තමයි. ඒත් ඉතින් සිදුවන පරිසර හානිය දේපල විනාශයත් ඇල දොල හා ජල උල්පත් සිදීයාමත් හා මහා මාර්ග හා අතුරු මාර්ග විනාශයත් බැලුවනම් මෙයට වියදම් කල මුදලින් විනාශවූ පරිසරය හා ජනතා සම්පත් ප්‍රතිසංස්කරණය කලානම් වඩාත්ම හොදයි

:       1       1

පොඩිඑකාTuesday, 03 June 2025 12:09 PM

චමින්ද, ඔයාගෙ මතකය හරි. කලකට පෙර මොරටුවෙ වඩු කාර්මිකයෙක් ‘මැණික්’ ඔබ්බපු ලී පුටුවක් එහේ යැව්වා. ඒත් මෙච්චර වියදම් කරල නෙවෙයි.

:       0       0

රුවන් Tuesday, 03 June 2025 11:54 AM

බෞද්ධ දර්ශනය පිළිපදින උගත් බුද්ධිමත් පුද්ගලයෝ නම් මේ මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කරලා මහා ආනිසංස ලැබෙන අපා දුකෙන් මිදි මේ සසර ගමන කෙටි කරගන්නවා. එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වුවද අසරණ මිනිසුන්ට ජිවිත වුවත් පරිත්‍යාග කරා මිස මේ වගේ රත්තරන් පුටු මැණික් පුටු වන්දනා කරා කියලා අහලා නෑ.

:       2       2

ගුණරත්න Tuesday, 03 June 2025 01:02 PM

පැලවත්තේ පින්බතාලා ටිකට සල්ලි දුන්නේ නැහැ කියලා වෙන්න ඇති බත්බැලයෝ ටික උදේ ඉඳන් වයින් වෙලා, අසදෘශ දාන ගැන අහලාවත් නැති අය මේ. මේක තමයි සංස්කෘතිය, බුදුදහමේ ඉගැන්වීමට පරස්පර වෙන්නේ දෙන දේ අනුමත නොකළ මාර්ගයකින් ඉපැයීම විතරයි. දුන් උදවිය තමන් උපයපු මුදලෙන් මොනවා කළත් මොකද? පොළොන්නරුවේ අනුරාධපුරේ තිබෙන පුරාවස්තු ටික එහෙම තියෙන්නේ ඒ කාලේ හොඳ වියදමක් දරලා උසස් තත්වයෙන් හදපු නිසා, ඒවා නොවෙන්න අද අපිට පෙන්වන්න මොනවද ඉතුරු?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site