IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැණික් රට යවා ඩොලර් බිලියන දෙකක් හොයන්න යයි

(අංජුල මහික වීරරත්න)

මැණික් අපනයනය කිරීමෙන්  2025 වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන දෙකක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය.

මේ වසරේ ගත වූ මුල් මාස හතේ පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකා ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බවත්, මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඩොලර් බිලියන දෙකක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීතිවිරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, විදේශිය ගැණුම් කරුවන්ට සෘජුවම මෙරට වෙන්දේසියෙන්  මැණික්  මිලට ගැනීමට හැකියාව ලබා දීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නා බව ද  විරාජ් ද සිල්වා මහතා පැවසීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් ඕ වන් කතා' වැඩසටහනට එක්වෙමිනි.



අදහස් (2)

මැණික් රට යවා ඩොලර් බිලියන දෙකක් හොයන්න යයි

Hafeel Thursday, 24 August 2023 02:30 PM

දැනට අවුරුදු එකහමාරට කලින් මේ ආණ්ඩුව මහා ලොකුවට පම්බෝරි ගැහුවා ලෝකේ විශාලතම සහ ලෝකේ ලොකුම වටිනාකමින් යුතු මැණික් ගලක් ලංකාවේ හමුවුණු බවත්, ලොකු මාධ්‍ය සන්දන්ර්ශනයත් පෙන්නුවා. එම මැණික් ගල විකුණලා රටේ ණය බරත් බේරලා, රට සන්වර්ධනත් කරනවයි කියලත් කිව්වා. දැන් එම ගලට මොනවාද වුනේ? මෙහම තමයි විටින් විට මන්නාරමේ තෙල් නිඩියත් හමුවුනා.

:       4       17

Nishantha Thursday, 24 August 2023 02:48 PM

විරාජ් මැතිතුමා ඔහේලා 2025 වෙනකොට ඩොලර් බිලියන දෙකක් ගේන්න හදනවා ඒත් මැණික් සොයන්න කරන නාස්ති නිසා සිදුවන විනාශය ඩොලර් බිලියන 200 කින් වත් පිරිමසා ගන්න බැහැ රටේ ජල ප්‍රශ්නය එකක් ගෙවල් දොරවල් විනාශ වෙලා ඒවායේ ඉන්න ජනතාව පීඩාවට පත්වෙනවා කෙලවරක් නැතුව සිදුවන විනාශ වීම් ඩොලර් බිලියන දෙකෙන් වහන්න බැහැ එනිසා ඉදිරියේ වත් පතල් සදහා බලපත්‍ර දෙනවිට පතල්කරු ගැන පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාව ගැනත් අවධානයට ගන්න

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site