IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මඩ පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදා අවසන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මඩ පොහොර හෙවත් TSP  පොහොර නොමිලයේ බෙදා දීම දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවල දී සාර්ථකව සිදු කෙරෙන බවත් මේ වනවිට  සියලූම ගොවිජන මධ්‍යස්ථාන වෙත පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින්  TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට ලැබිණි.

මඩ පොහොර බෙදාහැරීම සම්බන්ධව දෛනික ප්‍රගති වාර්තාව අද (24) පෙරවරුවේ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දෙමින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙි බව සඳහන් කළේය.

කොමර්ෂල් පොහොර සමාගම මගින් මඩපොහොර මෙට්‍රික් ටොන් 15,000ක් බෙදා හැරීමට නියමිත අතර ඉන් මෙට්‍රික් ටොන් 14,000ක් දැනටමත් බෙදාහැර අවසන් කර තිබේ. ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම හෙට  (25) වනවිට එම සමාගම විසින් බෙදා හරින මඩ පොහොර සියල්ල  බෙදා හැර අවසන් කිරීමට නියමිතය.

ලංකා පොහොර සමාගම ලබන බදාදා වනවි‌ට එම සමාගම මගින් බෙදා හැරීමට නියමිත මඩ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 21,000 බෙදා හැර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (0)

මඩ පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site