(අංජුල මහික වීරරත්න)
වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.
මඩ පොහොර නැවක් ලංකාවට ගෙන්වන්නේ වගා කන්න තුනකට පසුවයි.
වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයයේ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා නොහැකි විය. එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය බලපාන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.
2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටිණි.
මෙම මස 17 දින මෙරටට ලැබෙන මඩ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඩ පොහොර තොගය ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
397
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩ පොහොර නැව ලබන 17 කොළඹ වරායට
sam Thursday, 09 March 2023 12:23 PM
මේපාර කොයි ඇමැති සෙට් එකේද කල්ල මරේ වෙන්නේ..? දැනටම කොමිස් කොටස අරගෙන ඇති....
JAYASEKARA Thursday, 09 March 2023 12:37 PM
ඔන්න TV නිවුස් වලට මාස ගානක් අදින්න පුලුවන් මාතෘකාවක්...
චමින්ද නුවන් Thursday, 09 March 2023 05:16 PM
ඕකත් ඉතින් විදේශීය ආධාර මුදල් බෙදීම ඉන්ධන ලබාදීම වගේ නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්...?
චින්තක Thursday, 09 March 2023 05:23 PM
මට ප්‍රශ්න කීපයක් තියෙනවා... එකක් අපේ රටේ සම්පතක් වන එප්පාවල පොස්පේට් තියෙද්දී විදේශ වලින් ඒවා ගෙනෙන්න විනිමය කොයින්ද එප්පාවල පොහොර නිපදවන්න බැරි හේතුව රේගු ගාස්තු නැතිවීමද නැත්නම් කොමිස් නොලැබීමද රටට වඩා වටින්නේ පොහොර කම්හලක් හැදීමද නැත්නම් අධිවේගී මාර්ග හැදීමද? දෙවැන්න චීනයෙන් පොහොර කියා අසූචි ගේන්න ගෙවූ මුදලට අසූචි ලැබුණාද නැත්නම් එම ජනතා මුදල්වලට කළේ කුමක්ද? එහි වත්මන් ප්‍රගතිය කොහොමද?