
(කුෂාන් ජයවර්ධන)
හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ මඩේ එරී සිටි කෙනරක නිරුපද්‍රිතව ගොඩ ගෙන යළි රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී නිලධාරීන් අද (03) ක්‍රියාත්මක කරනු ලැබිණ.
වනජීවී නිලධාරීන් මැදිහත්ව මෙලෙස මුදා ගනු ලැබූයේ වයස අවුරුදු 25ක් පමණ වන කෙනෙරකි.
හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට වාරි ජලය ගෙන යන අඩි පහක් පමණ ගැඹුරු අවාරි ඇලක මඩේ එරී සිටියදී එම කෙනෙර වනජීවී නිලධාරීන්ට හමුව තිබිණ.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ හොරොව්පොතාන ජාතික උද්‍යානනයේ කටයුතු භාර වනජීවී නිලධාරීන්, ප්‍රදේශවාසීන් පිරිසකගේ ද සහය ඇතිව එම කෙනෙර මුදවා ගෙන රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර තිබේ.
හොරොව්පොතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර සමීර රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් හා ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේ වනසත්ව නියාමකවරුන් සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සාර්ථකව සිදු කෙරිණ.

2025 දෙසැම්බර් මස 18
381
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩේ එරුන කෙනර වනජීවියෙන් බේරා ගනියි
Nihal Dharmatileke Thursday, 03 April 2025 05:56 PM
කෙනෙර කියන්නේ මොකෙකුටද ?
Pradeep Kumara Thursday, 03 April 2025 08:48 PM
අනේ බොහොම පින් ඇති වැඩක්.
ලුම්බිණි Friday, 04 April 2025 10:03 AM
වන ජීවී එකට අපේ ප්‍රණාමය .