IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මට වැටුප් දුන්නේ ජනතාව : සියලු යුතුකම් ඉටු කරනවා‘

‘මම පළාත් සභාව නියෝජනය කළ වසර 22ක කාලයේ දී මට වැටුප් ඇතුළු සියලූ සම්පත් ලබා දුන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලූ යුතුකම් සැමදා නොපිරිහෙලා ඉටු කරනවා’ යැයි බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ ගම්පහ ඡන්දය ජයගත් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයට සමුදීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ 07, ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාල පරිශ‍්‍රයේ සංවිධානය කළ උපහාර උළෙල අමතමිනි.

පළාත් අධ්‍යාපන, රැකී රක්‍ෂා හා මිනිස්බල අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ප‍්‍රසන්න රණතුංග මහතා අතින් සිදුකෙරිණි.

බස්නාහිර පළාත් කාර්ය මණ්ඩලය තමන්ට දුන් හොඳම උපහාරය වන්නේ පළාත් සභාව තුළ කටයුතු කිරීමේ දී ලබාදුන් සහයෝගය බව කී ප‍්‍රසන්න රණතුංග මහතා එය කිසිදිනෙක අමතක නොකරන බව ද කීවේය.

PR_2015824pic1 PR_2015824Pic2 PR_2015824Pic3 PR_2015824Pic4

 



අදහස් (0)

‘මට වැටුප් දුන්නේ ජනතාව : සියලු යුතුකම් ඉටු කරනවා‘

මහාවංස Monday, 24 August 2015 10:21 AM

දැන් එතකොට මේ කාර්ය මණ්ඩලේ කාගේද කකුල් දෙක කඩනවා කියල කියල තිබුනේ පසුගිය කාලේ? (නදී)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 10:22 AM

ඔබ තුමා කල දේවල් රජයේ සේවකයෝ හොඳට දන්නවා. බස්නාහිර පළාතේ රාජ්‍ය සේවකයෝ නම් හරිම සතුටු වෙයි නිදහසේ රාජකාරිය හරියට කරන්න ලැබීම ගැන. (නදී)

:       0       0

පීරිස් Monday, 24 August 2015 10:25 AM

අනිත් අයත් මේ වගේ හිතනවා නම් ගොඩක් හොඳයි (නදී)

:       0       0

නුවන් Monday, 24 August 2015 10:36 AM

මහ ඇමැති කම බිම දමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන එක එච්චර හොද නෑ වගේ නේද?(හේ)

:       0       0

සෑම් Monday, 24 August 2015 10:37 AM

ඒ විදියට කරානම් හොදයි.ජනතාව ඔබ සමඟ ඉදියි.(හේ)

:       0       0

සුකිත් අබේ Monday, 24 August 2015 10:52 AM

ලඟදිම යකඩ කූරු ගණන් කරන්න වෙයි වගේ (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 25 August 2015 01:49 AM

නඩුවක් තියෙන හින්දා ඒක අධිකරණයට බාරදීලා කාගේ කාගෙත් වෙනත් වැඩ කිඩ ගැන ටිකක් කතාකළොත් හොඳයි. ඇඟ පත දිහා දැක්කම ගොඩක් දේවල් පැහැදිලියි. (නි)

:       0       0

රවීන් Monday, 24 August 2015 11:15 AM

දැන් හැම ප්ලෑන් එකක්ම ඉවරයි නේද?(හේ)

:       0       0

තරංග Tuesday, 25 August 2015 02:17 AM

බොහොම හොඳයි. ජයවේවා! (නි)

:       0       0

දිනිත් Monday, 24 August 2015 11:42 AM

ද්‍රෝහීන් පන්නන සටන දිගටම ගෙන යන්න ජනතාව වෙනුවෙන්.....(හේ)

:       0       0

අමල් Monday, 24 August 2015 12:53 PM

ජය වේවා.(හේ)

:       0       0

හේමන්ත Monday, 24 August 2015 01:37 PM

වැල යන අතට මැස්ස ගහන අවස්ථාවාදීන්ට වැඩිය මෙතුමා වැනි අය තමයි රටට උවමනා.(හේ)

:       0       0

සිල්වා Monday, 24 August 2015 02:58 PM

නව පෙරමුනට ජයවේවා (හේ)

:       0       0

පසිදු Monday, 24 August 2015 03:14 PM

කෙලින් කතාකරන හොද මහත්මයෙක් ..ඔබට මගේ උණුසුම් සුබපැතුම් ...(හේ)

:       0       0

විජේතුංග Monday, 24 August 2015 04:09 PM

මේවා අහලා දැන් මට පිස්සු වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site