IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝප්,කෝපා  කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන්  කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය.

සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් එම පත්කිරීම් කරන බවද ඔහු සඳහන්  කළේ‍ය.

කතානායකවරයා මෙසේ පැවසුවේ  සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

තමා කටයුතු කරන්නේ ස්ථාවර නියෝග අනුව බවත් ඉන් පිට කටයුතු කිරීමට අදහසක් නැති බවත් අබේවර්ධන මහතා පැවසුවේය.

තමාගේ වචනය නීතිය නොවන බව පැවසූ කතානායකවරයා  පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට නීති පොතක් තිබෙන බවද ප්‍රකාශ කළේය.

එය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංග්‍රහය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මොහොමඩ් මරික්කාර් මහතා මෙම ප්‍රශ්නය යොමු කරමින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් කෝප් ,කෝපා  කමිටු තවමත් පත්කර  නැතැයි චෝදනා කළේය.



අදහස් (3)

’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’

Hafeel Wednesday, 21 September 2022 04:21 PM

එහෙම නම්, සුපුරුදු පරිදි පවුලේ අය පත්කර ගන්න පුළුවන්... දැනටමත් මෙයා කතානායක කාර්ය මණ්ඩලයට පවුලේ අයව පුරවලා...

:       3       16

tikiribuwa Wednesday, 21 September 2022 04:30 PM

ඒත් අපි කියන දේ ඇහැව්වේ නැතිනම්, අල්ලලා හිටවන්න ඔලුවේ තණකොළ...!

:       0       0

Prase Wednesday, 21 September 2022 08:10 PM

කල් ඉල්ලගෙන කෑවා.. සියලු දේ දත් කියලයි හිතාගෙන ඉන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site