IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මට එක එක දේවල් කියලා සීන් එකට ගෙනාවේ මාධ්‍ය්‍යයි

පසුගිය කාලය පුරා මාධ්‍ය සහ සමාජ ජාල මඟින් දැඩි කතාබහකට ලක්වූ චරිතයකි යසාරා අබේනායක. දේශපාලනික කතා පසුබිම් වූ ආන්දෝලනාත්මක තත්ත්වයන්ටද ඇයට මුහුණ දීමට සිදුවිය. කෙසේ නමුත් මේ වනවිට එකී සියලුම මතභේදාත්මක තත්ත්වයන්ට තිත තබමින් ඇය විවාහ ගිවිස ගෙන සිටියි. ඒ ජාතික රගර් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසීල් මරිජා සමඟිනි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ මිණිපිරියක වන යසාරා ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාගේ දියණියද වෙනවා. මේ "හදසර" ඇය සමඟ කළ කතාබහයි. 

 

deshaya-20151214-04

 

deshaya-20151214-03

0101 යසාරා කොහොමද ජීවිතේ අලුත්ම වෙනස?
විශේෂයක් නැහැ. හොඳින්, සතුටින් ඉන්නවා.


0101 කොහොමද ඔහු මුණගැහුණේ?

ටාජ් හෝටලයේ තිබුණ උත්සවයකදි තමයි අපි මුණගැහුණේ. අවුරැද්දක් විතර අපි යාළුවෝ වගේ ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි සම්බන්ධතාවයක් ගොඩනැගුණේ.


0101 ඔබ ඔහු දකින්නෙ කොහොමද?

එයාට හොඳ තේරැම් ගැනීමක් තියෙනවා. ඕන දෙයක් හරි විදිහට හිතන්න පුළුවන්. තරහ යන්නෙ නෑ. කතා කරලා ප්‍රශ්න විසඳගන්න පුළුවන් කෙනෙක්. මම බලාපොරොත්තු වුණේ ඒ වගේ කෙනෙක්. මට එහෙම කෙනෙක් ලැබුණා. සතුටුයි.


0101 විවාහ උත්සවය කොයි කා‍ලෙද කෙරෙන්නෙ?

ලබන අවුරැද්දෙ තමයි වෙඩින් එක ගන්න ඉන්නෙ. ළඟදීම ඒ ගැන ප්ලෑන් කරනවා.


0101 විවාහය ලියාපදිංචි කරන දවසෙ අපි දැකපු විදිහට ඔබ බොහොම සරල විදිහට සැරසිලා හිටියේ?

මම කැමති ගොඩක් සරල ජීවිතයකට. වැඩි වැඩ කරන්න මම කැමති නෑ. මට මේකප් වුණත් ගැළපෙන්නෙ නැහැ. වැඩි පිරිසක් සහභාගි වුණෙත් නෑ. දෙපාර්ශවයේ ඥාති විතරයි. සමහර තැන්වල වාර්තා වෙලා තිබුණා දේශපාලකයො දෙන්නෙක් සහභාගි වෙලා හිටියා කියල. එහෙම කවුරැවත් ආවේ නෑ. මට ඕන වුණේ ගොඩක් සරල විදිහට ඒ වැඩේ කරන්න.


0101 ඔබ මේ වෙද්දි ජනප්‍රිය චරිතයක්. ඒ ජනප්‍රියත්වය එක්ක පෞද්ගලිකත්වය රුක ගන්න එක හිතන තරම් ලේසි නෑ. ඔබේ අත්දැකීම ගැන කිව්වොත්?

මම ඇත්තටම ජනප්‍රිය චරිතයක් නෙවෙයි. මම ගැන එක එක විදිහට රිපෝට් කරලා මාව ජනප්‍රිය කළා. (සිනාසෙයි) මම කියන්නෙ මොනව හරි දෙයක් කියන්න කලින් හිතන්න ඕන. ඒ ගැන තම තමන්ට හිතෙන විදිහට නෙවෙයි අදාළ කෙනාගෙනුත් අහන්න ඕනෙ. නැත්නම් කෙනකුට ඒකෙන් අසාධාරණයක් වෙනවා. කතා හදන එක හරි වැරදි වැඩක්. ඇත්තටම මට නම් ජනප්‍රිය වෙන්න වුවමනාවක් නෑ. මම හැමදාම බලාපොරොත්තු වුනේ සරල ජීවිතයක්. 


0101 මෙතනදි මාධ්‍ය භාවිතාව ඉතා වැදගත් කාරණයක්. පහුගිය කාලයේ ඔබත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හිටපු කෙනෙක්. මේ ජනප්‍රිය චරිත අලලා කෙරෙන මාධ්‍ය හැසිරීම ඔබ මොන විදිහටද දකින්නෙ?

ඔව් ඇත්තටම මාධ්‍යයට කාර්යභාරයක් තියෙනවා. හැබැයි අපි දකිනවා ගොඩක් අවස්ථාවල ඔවුන් කරන්නෙත් ඔවුන්ට අවශ්‍ය දේ නෙවෙයි. ඒ ගැන හිතන්න ඕනෙ. පොඩි දෙයකින් කෙනකුට හොඳක් වෙනවා වගේම ඒක නරකට හැරෙන්නත් පුළුවන්. ඊට පස්සෙ අත්විඳින්න වෙන අපහසුතාවය ගැනත් හිතුනවනම් හොඳයි.


0101 අපේ සමාජයේ තියෙන්නෙ සංස්කෘතික ප්‍රශ්නයක්ද?

ඇත්තටම. මම හිතනවා අපේ අය හිතන විදිහ වෙනස් කරගන්න වෙනවා. ඒක වැදගත් කාරණයක්. එහෙම වුණොත් තමයි අපිට සමාජය ගැන හොඳ Idea එකක් ගන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් හැමදාම තමන්ට වඩා අනෙක් කෙනා මොනවද කරන්නෙ, මොනවද වෙන්නෙ කියන එක ගැන තමා හොයන්නෙ.


0101 ඒ විදිහෙ සංස්කෘතිකමය වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

එහෙම වෙනසක් කරගන්නට වෙනවා. 


0101 ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟින් ඔබ ගැවසෙන කෙනෙක්. අපෙයි ඔවුන්ගෙයි වෙනස සාපේක්‍ෂව දකින්න ඔබට පුළුවන්?

පිරටවල් එක්ක බලද්දි අපි ගොඩක් පිටුපසින් ඉන්නෙ. අපි ඈනුමක් ඇරියත් බලනවනෙ මොකද වුණේ කියලා. මිනිස්සු නිදහස් නෑ. නිදහසේ හිතන්නෙ නෑ. ගෑනු ළමයෙක් යද්දි එද්දි වුණත් අපේ මිනිස්සු බලන විදිහ පිළිගන්න බෑ. මේවා වෙනස් වෙයිද දන්නෙ නෑ.


0101 මේ දවස්වල මොකද කරන්නෙ?

මම ගල්කිස්සෙ පොඩි හොටෙල් එකක් කරනවා. මහලොකු එකක් නෙවෙයි. විලා එකක් විදිහට කරන්නෙ. වෙන විශේෂ දෙයක් නම් නෑ.


0101 කලාවට යොමුවෙන්න අදහසක් නැද්ද?

ම්... ම්... නැහැ. මට එදා ඉඳන් ඕනෙ වුණෙ සරල විදිහට පැත්තකට වෙලා ඉන්න.


0101 ඔබේ සීයා, තාත්තා මේ දෙදෙනාම කලා ක්‍ෂේත්‍රයේ නමක් තියපු අය?

ඔව්. මම පොඩි කාලේ රඟපෑවා. නමුත් පාසලෙන් ඒකට අවසර ලැබුණේ නැහැ. ඒ නිසා මම රඟපෑමට යොමු වුණෙත් නෑ. අනික තමයි ඒක පෞද්ගලික ජීවිතේට වුණත් බලපානවා. අපේ අම්මලා වුණත් රඟපෑමට යොමු නොවුණේ ඒ නිසා. නැත්නම් අපේ තාත්තා හැම මාසෙම Drama එකක් කරනවා. එක අතකින් ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණානම් ඒ Drama වල රඟපාන්න තිබුණා. නමුත් මට එහෙම වුවමනාවක් නෑ. 


0101 ඕස්ට්‍රේලියාවේ හිටපු කාලය කොහොමද?

ඕස්ට්‍රේලියා ගියේ රුකියාවට. ඒත් මට එපා වෙලා තිබුණේ. ඉල්ලා අස්වෙන්නත් හැදුවා. ඉල්ලා අස්වුණා නම් මට නැවත ඒ රටට යන්න බැහැ. ඒ නිසා ඉතින් අමාරැවෙන් හරි ඉඳලා ආවා. හරිම "බෝරිං" ලයිෆ් එකක් තිබුණේ. 

 

 - අාශිකා / සේයාරැව - සුමුදු - 



අදහස් (0)

මට එක එක දේවල් කියලා සීන් එකට ගෙනාවේ මාධ්‍ය්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site