IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීටරේ ‘නිධානෙන්‘ විදුලි කාර්මිකයා කූඩුවට

මොනරාගල දඹගල්ලේ කටුපැළැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙදර විදුලි මිටර පෙට්ටියේ තිබු රුපියල් හාරලක්ෂ විසි දහසක් හා  පවුම් දෙකකට ආසන්න රන් දම්වැලක්ද අත් පළදනාවක්ද සමඟ  විදුලිබල මණ්ඩලයේ කාර්මික සාහයකයෙක් දඹගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට පැමිණි කාර්මිකයා එම මුදල් හා භාණ්ඩ රැගෙන යද්දීම පොලීසියට කොටු වී ඇතැයි කියති.

ව්‍යාපාරිකයාගේ නිවස මීට පෙර දෙවරක්ම හොරුන්ගේ ග්‍රහණයට ලක්වුයෙන් ආරක්ෂාව සඳහා මේ භාණ්ඩ හා මුදල් මීටර් පෙට්ටියේ සඟවා ඇත.

00067 00085 00087 00088 S2000004

 

 

 



අදහස් (0)

මීටරේ ‘නිධානෙන්‘ විදුලි කාර්මිකයා කූඩුවට

තිලක් Monday, 09 February 2015 11:36 AM

මේක හිතලා කරා කියන්න අමාරුයි. මොකද හිතලා කරා නම් මේතරම් මුදලක් මොවුන් තියන්නේ නැහැ. මට හිතෙන විදිහට ගෙහිමියා සහ පොලිස් නිලධාරියා එක්ව කල හොර කමක්. මොවුන් දැනගෙන ඉන්න නැතිව ඇති විදුලිය විසන්ධි කරන්න එදා එන බව. මෙච්චර මුදලක් තිබිලත් විදුලි බිල නොගෙවා හිටියා කියන එක හිතා ගන්නත් බැහැ. පව් අහිංසකයාගේ ජොබ් එක. මේ ගැන වග කිය යුතු පුද්ගලයෝ සොයා බැලිය යුතුයි. (නදී)

:       0       0

කුමාර Monday, 09 February 2015 12:49 PM

හොරා ගැන සමහරුන්ට තියෙන්නේ පුදුම අනුකම්පාවක් නේ (නදී)

:       0       0

රොෂාන් Monday, 09 February 2015 01:19 PM

මොන මෝඩයවත් ඔය වගේ තැනක ඔච්චර සල්ලි දාන්නේ නැහැ (නදී)

:       0       0

බණ්ඩාර Monday, 09 February 2015 01:56 PM

වක්කඩේ හකුරු හැංගුව වගේ කතාවක්.(ස)

:       0       0

කරුණාජීව Tuesday, 10 February 2015 04:41 AM

ව්‍යාපාර ගැන මොලයක් තිබුනාට සාමාන්‍ය දැනීම,සමාජ ආශ්‍රය ගැන මොලය කලඳක්වත් නැත.එචචරයි මට කීමට ඇත්තේ.(හේ)

:       0       0

කුමාර Monday, 09 February 2015 08:53 AM

මොකක්ද මේ කියන අරුම පුදුම කතාව. ගේ හිමිය ලග ලොකු මුදලක් තියෙනවා නම් ඇයි බිල නොගෙව්වේ ? (නදී)

:       0       0

ප්‍රසාද් Monday, 09 February 2015 08:53 AM

ලක්ෂ 4ක් ගෙදර හංගාගෙන ඉන්න මනුස්සයා ඇයි විදුලි බිල ගෙවල නැත්තේ. දුප්පත් මනුස්යෙකුත් නෙමෙයිනේ. අනේ මන්ද අපේ මිනිස්සුත් තමන්ගේ හැමදේම කරගන්නවා අනුන්ට ණයවෙලා හරි. එ්ත් තමුන් වෙන කෙනෙකුගෙන් ගත්ත ණයක්, බිලක් ගෙවන්න තමයි හරිම අමාරු (නදී)

:       0       0

ටිරෝන් Monday, 09 February 2015 08:56 AM

සල්ලි තියෙද්දී බිල නොගෙව්වේ මොකද දන්නේ නැහැ (නදී)

:       0       0

හරීන්ද්‍ර Monday, 09 February 2015 08:58 AM

විදුලි මීටරය විදුලිබල මණ්ඩලයේ දේපළක් නේ. ඉතින් කොහොමද ඒක සල්ලි පරිස්සම් කරන්න පාවිච්චි කරන්නේ.. එකත් වරදක් නේ.. අනිත් ඒක මේ තරම් සල්ලි තියාගෙන ඇයි විදුලි බිල ගෙව්වේ නැත්තේ.. ඒ ගැනත් හොයල බලන්න..(දිල්)

:       0       0

ලක්සිරි Monday, 09 February 2015 08:58 AM

ලයිට් බිල ගෙවන්න සල්ලි නෑ ඒත් මේතරම් සල්ලියක් හංගලා තිබුණා.විශ්වාස කරන්නත් බෑනේ (දිල්)

:       0       0

ආනන්ද Monday, 09 February 2015 09:03 AM

මේක අලුතින් හඳුන්වා දියයුතු බිල ගෙවීමට පසුම ක්‍රමයක්.මුදල් මීටර පෙට්ටියේ තියනවා. මනු කියවන්නා බිල සටහන් කරලා මුදල් අරගන යනවා. (දිල්)

:       0       0

අමා Monday, 09 February 2015 09:13 AM

බිල නොගෙවා ඉතුරු කරගත් සල්ලි ද දන්නේ නෑ නේද (දිල්)

:       0       0

නිමල් Monday, 09 February 2015 09:19 AM

ලොවෙත් නෑ

:       0       0

ශාන්තිකා ප්‍රනාන්දු Monday, 09 February 2015 09:37 AM

මේක නම් පොලිසිය හා ව්‍යාපාරිකයා එකතු වෙලා කරපු මගඩියක්. මොන මනුස්සයාද එළියේ තියෙන පෙට්ටියේ මෙතරම් ධනයක් සගවන්නේ. විදුලිය විසන්දි කරන්න ආපු මනුස්සයා විදුලිය විසන්දි කරන්න අාපු එකට දීපු පරිප්පුව තමයි මේ. ව්‍යාපාරිකයා පොලිසිය හොදින් දන්නා කෙනෙක් වෙන්න ඇති. පව් අර මනුස්සයාගේ රස්සාව. ඔන්න යහ පාලන රජයක යුතුකම අවංක පරීක්ෂණයක් කරන්න.(නදී)

:       0       0

මාපලගම පත්මා Monday, 09 February 2015 09:37 AM

මෙයා පසුගිය රජයේ කවුරු හරිද ? (නදී)

:       0       0

සුගත් Monday, 09 February 2015 09:49 AM

කරුණාකරලා මේ ගැන හොයල බලන්න. විදුලිය විසන්දි කරන්න එනබව දැනගෙන කරපු වැඩක් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ මුදලාලි හිතල කරපු දෙයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site