(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ සාවියා පටුමග, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයකු බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා පැමිණි සැකකරුවන්ට වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබා දීම සම්බන්ධයෙන් ඉහත සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු බේස්ලයින් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 පුද්ගලයෙකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම ඝාතනය සිදු කළ සෙසු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයට අයෙක් මාට්ටු