IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මංජු නැවතත් ජාතික ශූරතාවලියෙන් බොක්සිං වළල්ලට

වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි බොක්සිං කී‍්‍රඩක මංජු වන්නිආරච්චි නැවතත් ජාතික බොක්සිං තරගාවලියෙන් ක‍්‍රීඩාවට පිවිසීමට සුදානම් වෙයි. ජාතික බොක්සිං ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 17 වැනිදා සිට මෙම 21 වැනිදා දක්වා මහනුවර ලීනියා සමාගම් බොක්සිං ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. 2010 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් මංජු රන් පදක්කම දිනාගත්තේය. තරගයෙන් අනතුරුව මංජුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලයේ නැන්ඩ්‍රොලින් නම් තහනම් උත්තේජක ඇතියි චෝදනාවට ලක්විය. ඔහුට පැනවූ වසර දෙකක තරග තහනම ඉකුත් ඔක්තෝබර් මස 13 වැනිදා අවසන් විය. මංජු පවසන්නේ තවත් වසර දෙකක් වැනි කාලයක් තමන්ට ක‍්‍රීඩා කළ හැකි බවත්, ජාතික ශූරතාවලිය ඉලක්ක කරමින් මේ දිනවල පන්නලදී පුහුණුවීම්වල නිරතවන බවත්ය.



අදහස් (0)

මංජු නැවතත් ජාතික ශූරතාවලියෙන් බොක්සිං වළල්ලට

ෆෙරෝස් Saturday, 10 November 2012 08:41 PM

ඔබට ජය! ආයෙත් නම් වැඩේ අවුල් කරගන්න එපා. (නි)

:       0       0

චන්දන Saturday, 10 November 2012 03:08 PM

ජයවේවා....ඔබ නියම ශුරයෙක්

:       0       0

දමී Saturday, 10 November 2012 10:32 AM

ඔබට ජය මංජු (ස)

:       0       0

සිල්වා Saturday, 10 November 2012 10:37 AM

නැවතත් අපේ රටටත්, ඔබේ නමටත් කැලලක් නොවෙන විදියට කටයුතු කරන්න. ඔබට ජය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site