IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මංජුලගෙන් අලුත් ගීත දෙකක් ළඟදීම

ගායකයෙක්, ගී පද රචකයෙක් සහ සංගීතඥයෙකු ලෙස විවිධ පරාසයන් ඔස්සේ හැකියාවන් පාන මංජුල වැල්ලවත්තගේ මේ දිනවල අලුත් ගීතය කිහිපයක් එළිදැක්වීමේ සූදානමින් සිටියි. ඒ පිළිබඳව 'සාරවිට' අපට මෙලෙස අදහස් දැක්වුවෙමු.

20160714Manjula-1"'විශ්වාසයෙන්' තමයි මගේ අලුත්ම ගීතය. මේක ආදරය ගැන සම්බන්ධව නිර්මාණය වුණ ගීතයක්. ගීතය පද රචනා කළේ අයෝධ්‍ය ප්‍රනාන්දු. සංගීතවත් කළේ චන්දන වල්පොල. මේ දිනවල මේ ගීතය එෆ්.එම්. නාළිකාවල නිතරම ප්‍රචාරය වෙනවා. ඊට අමතරව වෙබ් අඩවි තුළිනුත් මේ ගීතය රසවිඳින්න පුළුවන්. මේ ගීතයෙන් පස්සේ තවත් අලුත් ගීත දෙකක් එන්න තියෙනවා. ඒ 'උණු කඳුළැල්' හා 'හීනයක් වගේ' කියලා. 'උණු කඳුලැල්' ලිව්වේ අයෝධ්‍ය ප්‍රනාන්දු. සංගීතය නිර්මාණය කළේ මම. 'හීනයක් වගේ' ගීතය සංගීතයත් ගී පද රචනාවත් දෙකම සිදු කළේ මම.

මේ වෙන කොට මම ගීත 10ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත අතරින් ගීත හයකට රූප රචනා නිර්මාණය කරලා තියෙනවා. 'සිතට දැනුණේ ඔයාවයි', 'සිහිනයක් ජීවිතේ', 'දුක දරා ගන්න බැහැ', 'හිමිවෙන්නට හෝ', 'මේ හිත පැරිලා' හා 'දුර ඈතක' කියන මගේ ගීතවලට රූප රචනා කරලා තියෙනවා. මා ගායනා කරන ගීත බොහොමයක මගේම පද රචනාවකට අනුව නිර්මාණය වුණ ඒවා. මගේ ගීත කිහිපයකටම 'ෆ්ලෑෂ්බැක්' සංගීත කණ්ඩායමේ නායක රොෂන් ප්‍රනාන්දු හා චන්දන වල්පොල සංගීත නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා.

මේ දිනවල නවකයන් කිහිප දෙනෙකුගේම ගී නිර්මාණවලටත් මම සහාය වෙනවා. ගොඩක්ම ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙන්නේ සංගීතඥයෙක් විදිහට. නවකයන්ගේ නිර්මාණ වලට අත දෙන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක්. "

බුද්ධික සේනාධීර



අදහස් (0)

මංජුලගෙන් අලුත් ගීත දෙකක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 293 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 780 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site