IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සුරතල් මසුන් හලෙවි කරන්නකු බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ .එම්. අයේෂා ලක්මිණි 26 තරුණියයි.

ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල්. එස්. වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා

Lal Sunday, 07 January 2024 08:02 PM

පෙම්වතා ජෙප්පෙක් වෙන්න ඇති

:       10       2

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:08 PM

රුචි ලාලනියේ මේ අහන්න එක පාර මා මරන්න.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site