IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මඟුලට කලින් දා කුඩු කිලෝ දහයක් බොරැල්ලෙන්

බොරැල්ලේ තැන් කිහිපයකින් මින් මද වේලාවකට පෙර  හෙරොයින් කුඩු කිලෝ දහයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කුඩු අයිතිකරුගේ  විවාහ මංගල්‍යය  බ්‍රහස්පතින්දා (17)  සිදු වීමට නියමිතය.

පොලිසියකින් ඇල්ලු ලොකුම කුඩු තොගය මේ බව දැනගන්නට ඇත.

 

 

 



අදහස් (0)

මඟුලට කලින් දා කුඩු කිලෝ දහයක් බොරැල්ලෙන්

ප්‍රශාන්ත Wednesday, 16 July 2014 10:30 AM

රටට බුදු සරණයි! (නි)

:       0       0

එරංග Wednesday, 16 July 2014 11:15 AM

පුදුමාකාර අවාසනාවන්තයෙක් (නි)

:       0       0

කවින්ද Wednesday, 16 July 2014 11:15 AM

මඟුල් පාටි එකට වෙන්න ඇති සමහරවිට (නි)

:       0       0

හිමාල් Wednesday, 16 July 2014 11:40 AM

හොඳට මඟුල් ගෙදර ගන්න හිතාගෙන ඉන්න ඇති (නි)

:       0       0

අසෝකා Thursday, 17 July 2014 09:39 AM

ඔය අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? ෂා! මඟුල් ගෙදර ගියා නම් කුඩු වල රහ බලන්නත් තිබුනා. අපරාදේ! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 July 2014 04:45 AM

අරක්කු වෙනුවට කුඩු පොවන්න හැදුවද දන්නේ නැහැ වෙඩින් එකට එන මිනිසුන්ට. (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 16 July 2014 04:46 AM

අනේ මනමාලි (නදී)

:       0       0

බිමල් Wednesday, 16 July 2014 04:51 AM

දැන් කාලයේ අම්මලාත් සල්ලිකාරයෙක් නම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්නෙ නැහැ. බෑණා සල්ලි හෙව්වේ කොහොමද කියලා දැනගන්නකොට ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

කාන්ති Wednesday, 16 July 2014 05:01 AM

බෑනා අලුත්ම කාර් එකෙන් ඇවිත් බැහැලා ගෙදරට පාක්කුඩම් උස්සාගෙන එනකොට අපේ අම්මලාටත් මෙලෝ සිහියක් නැහැ . නැතිනම් මෙහෙම පිරිමින්ට තමන්ගේ ගෑනු දරුවාව හොයන්න බලන්නේ නැතිව භාර දෙනවාද ? (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 16 July 2014 05:06 AM

මනමාලි දේශපාලන පවුලක වෙන්න ඇති. එතකොට තකට තක. මගුලට ආරාධනා නොකරපු තරහට ඇල්ලෙවුවද දන්නෙත් නැහැ. (නදී)

:       0       0

උමේෂ් Wednesday, 16 July 2014 05:13 AM

ඉතා හොඳයි. දැන් දැන් ලංකාවේ කුඩු අල්ලන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ කියන්නේ පොලිසියෙන් කරන මෙහෙයුම් සාර්ථකව කිසිම දේශපාලන බලපෑමකින් තොරව එක දිගට කෙරෙනවා කියන එකයි. ඔහොම දිගටම කරලා ලංකාවෙන් කොහොම හරි ඔය ජරාව ඉවත් කරන්න ඕනා. මන්ද බුද්ධිකයන් කියනවා ආණ්ඩුවෙන් මේවා ගෙන්නනවා කියලා. ආණ්ඩුවෙන් ගෙන්නනවා නම් ඔහොම අල්ලයිද ? ඉස්සරත් ඕවා ඔහොම්මම ගේන්න ඇති. දැන් තමයි හරියට අල්ලන්නේ. ජය වේවා ! (නදී)

:       0       0

පූර්ණ Wednesday, 16 July 2014 05:45 AM

උමේෂ් එතකොට අර ආණ්ඩුවේ බලවතෙක්ගේ නමක් ගෑවුනු කුඩු කිලෝ 261 ට මොකද දන්නේ නෑ උනේ? පව් අනේ ඔයා (නදී)

:       0       0

පිටිගල Wednesday, 16 July 2014 05:52 AM

නෑ! නෑ!! මනමාලිත් දන්නවා ඇති. උමේෂ් නම් මොකුත්ම දන්නේ නැහැ. (ස)

:       0       0

සුරේෂ් Wednesday, 16 July 2014 06:18 AM

ඇත්තම නේන්නම් චන්දෙ දුන්න මහජනතාව දැන් නරියන්, බූරුවන්, බල්ලන් , තප්පුලන ගොනුන් සහ මන්ද බුද්ධිකයන් ගේ කුලකයේ තමයි දැන් ඉන්නේ. (ස)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 16 July 2014 02:32 PM

නැන්දම්මාට හරි ආඩම්බර ඇති බෑණා පොඩ්ඩ ගැන. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 16 July 2014 06:29 AM

අපොයි අපොයි දැන් ලංකාව කුඩේ කුඩු. (ස)

:       0       0

චතුරංග Wednesday, 16 July 2014 02:35 PM

දවසෙන් දවස හොයාගන්න කුඩු වලට මොකද වෙන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙවියන් තමයි. මාසෙකට කලින් විතර බියගමින් කෝටි 80ක කුඩු ඇල්ලුවා. අලුත්ගම සිද්ධිය නිසා ලංකාවේ මිනිසුන්ට ඒක නිකන්ම අමතක වුණා. දැන් බොරැල්ලෙන් කිලෝ 9ක්. මේවාට ඇත්තටම මොනවද වෙන්නේ? මම මේ නිකන් අහන්නේ? මෝඩකමට වගේ.... (නි)

:       0       0

පණ්ඩිතරත්න Wednesday, 16 July 2014 06:53 AM

මොකද මේ පට පට ගාලා කුඩු අල්ලන්නේ? මතට තිත මතක්වෙලාද? කෝ මේ කුඩු ගෙනෙන්න උපදෙස් දෙන ලොකු කට්ටිය? (නි)

:       0       0

ධනුෂිකා Wednesday, 16 July 2014 06:56 AM

මනමාලි බේරුනා එහෙනම්... (නි)

:       0       0

කවිඳු Wednesday, 16 July 2014 06:56 AM

ඉස්සර කියන්නේ කොයි කාලෙද උමේෂ් ? (නි)

:       0       0

එරංග Wednesday, 16 July 2014 07:29 AM

කුඩුවලට ඇමති කෙනෙක් පත්කරලා, අමාත්‍යාංශයක් දාන්න වෙයි මෙහෙම ගියොත් (නි)

:       0       0

පාලිත Wednesday, 16 July 2014 07:32 AM

පූර්ණ ඒ අල්ලපු කිලෝ 261 දැන් 75% විතර අඩුවෙලානේ. ඒ කියන්නේ ශුද්ද කුඩු තියෙන්නේ 25% විතරයිලු . ( මට මතක හැටියට ) දැන් මේ අල්ලන කුඩුවලත් ශුද්ද බර බලනවද දන්නේ නැහැ නේද. (නදී)

:       0       0

පද්මිනී Wednesday, 16 July 2014 07:44 AM

මෙතන සමහරු මොළේ උඩ ඉඳගෙන අදහස් දානවා. (නදී)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 16 July 2014 08:26 AM

දැන් කුඩු අල්ලන නිසා ඝෝෂාව වැඩියි (නදී)

:       0       0

නාත් රණසිංහ Wednesday, 16 July 2014 08:29 AM

කුඩු කිලෝ 261න් බාගයක් නැති උනානේ. ඒවා ද මේ අල්ලන්නේ? දැන් ඡන්දෙත් කිට්ටුයිනේ.(නදී)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 16 July 2014 08:35 AM

පොලිසියට මගේ සුබ පැතුම් (නදී)

:       0       0

ඕහිත Wednesday, 16 July 2014 08:35 AM

කුඩු පොවන්න හැදුවද දන්නේ නැහැ වෙඩින් එකට (නදී)

:       0       0

මධුසංක Wednesday, 16 July 2014 08:40 AM

කුඩු කිව්වොත් අරයා තමයි (නදී)

:       0       0

යසිත Wednesday, 16 July 2014 07:12 PM

මඟුල් දවසට බෙදන්නද දන්නෙ නැහැ (නි)

:       0       0

උමේෂ් Wednesday, 16 July 2014 09:09 AM

මහත්වරුනි, කතා නම් බොහොමයි. ඒත් ඉතින් තාම ඔප්පු වුණේ නැහැනේ. (නි)

:       0       0

අසංග Thursday, 17 July 2014 08:07 AM

මේ කට්ටිය අත්අඩංගුවට ගත්තා වගේ අනිත් දොරෙන් එලියට එන එකනේ වැඩේ....... (දී)

:       0       0

චින්තක Wednesday, 16 July 2014 09:18 AM

ඉසුරන්දි නියම කතාව. (නදී)

:       0       0

පද්මා Wednesday, 16 July 2014 09:20 AM

බලවත් අය ගෙනත් විකුණලා ඊට පස්සේ පොලිසියෙන් අල්ලනවා නේද? හිතන්න බලවත් කෙනෙක් නැත්නම් ලංකාවට මෙච්චර කුඩු කොහෙන්ද ? අපේ කොල්ලෝ ටික විනාශ කරනවා , ඉස්සර ලංකාවේ මෙච්චර කුඩු තිබුනේ නැහැ. කුඩු කන්ටේනරයට මොකද උනේ ? ඒවා තමයි මේ එලියට එන්නේ (නදී)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Wednesday, 16 July 2014 09:24 AM

මධු සමය හිර ගෙදර ගෙවන්න පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site