
(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී බස් රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල අඹ ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
ධාවනය වූ බස් රථය මතට ගස වැටෙනවාත් සමග එය දැක ඇති බස් රථයේ රියදුරු එක්වරම තිරිංග තද කිරීම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැලැකී ගොස් ඇත.
අනතුරින් සුළු තුවාල ලැබූ බස් මගීන් සාලාව දිසා රෝහලට සහ අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත
එම අඹ ගස ඇද වැටීම නිසාවෙන් බස් රථයේ ඉදිරිපස විශාල අලාභහානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අදාල ගස මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වීම නිසාවෙන් ගමනාගමන කටයුතු ද ඇණ හිට තිබූ බවත් කොස්ගම පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කල බවද කොස්ගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගී බසයට අඹ ගසක් කඩා වැටේ