IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මගේ අරමුණ ජනතාව ජීවත් කරවීමයි‘

‘මේ රටේ ජනතාවගේ මුදලින්  ජීවත් වෙන්න මට අවශ්‍ය නැහැ. ඒ නිසාම මම ඇමැතිවරයෙක් විදියට නිල නිවාස, නිල වාහන ලබා ගත්තෙත් නැහැ.  මට අවශ්‍ය කරන්නේ ජනතාව ජීවත් කරවීමටයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා දිවුලපිටියේ පැවැති එජාප ක්‍රියාකාරීන්ගේ හමුවකදී පැවසීය.

‘ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහණයෙන් පස්සේ මහ මැතිවරණයකට අවස්ථාව උදා වෙලා. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන, රටේ අනාගතය හිතා වෙනසක් සිදු කළා. මේ රටේ පැවති දුෂ්ඨ පාලනයට තිත තැබුවා. අපට අවශ්‍ය වුනේ යහපාලනයෙන් පිරුණු නව දේශපාලන සංස්කෘතියක් ඇති පිරිසිදු දේශපාලනයක් ගෙන එන්නයි. එදා ඒ ජයග‍්‍රහණය ලැබුවා. අද අපට අවශ්‍ය රට වෙනුවෙන් ජනතාවට සේවය කරන්න  පුළුවන් පිරිසිදු චරිත පාර්ලිමේන්තුවට යවන අවස්ථාව උදාවෙලා. පාර්ලිමේන්තුවේ හිටපු සමහරු කුඩු ගෙනාවා. එතනෝල් ගෙනාවා. බාර් දමාගෙන රට විනාශ කරන්න හැදුවා. ඩී.ඇස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මහත්වරුන් තම දේපල ජනතාව වෙනුවෙන් වියදම් කළා. අද සන්ධානයේ අය ජනතා මුදලින් සාක්කු පුරවා ගන්නවා. එහෙම කරමින් මහින්ද රාජපක්ෂ අගමැති වෙන්න හැදුවත් ඒ අගමැති සිහිනය මෛතී‍්‍රපාල ජනපතිවරයා කඩා බිඳ දැමුවා.

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක, සමාජ සේවා හා සුභ සාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක එඩ්වඩ් ගුණසේකර, දිවුලපිටිය හිටපු සංවිධායක කිත්සිරි මංචනායක යන මහත්වරු ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

2015-07-20-ruwan-dp-(1) 2015-07-20-ruwan-dp-(4) 11701234_796641293787117_2239364133688074056_n



අදහස් (0)

‘මගේ අරමුණ ජනතාව ජීවත් කරවීමයි‘

නිශාන්ත Monday, 20 July 2015 12:50 PM

ජාතික වීරයෝ වෙන්න දගලන වංසය අලුතින් ලියන්න ෆොස්ටර් ගහන අයට අපේ රුවන් ඇමතිතුමාව ආදර්ශයට ගන්න මොලය පහල වේවා.! රටේ පිනට පහල වෙන නියම වීර ලංකා පුත්‍රයෝ. රුවන් ඔබට අපගේ ප්‍රණාමය.! (ර)

:       0       0

වසන්ත Monday, 20 July 2015 08:11 AM

ඔබට ජය පතමි. ඇත්තටම ඔබ මහත්මයෙක්.(ම)

:       0       0

පෙරේරා Monday, 20 July 2015 08:51 AM

දැක්කද මහින්ද යන තැන් වල සෙනග. (ර)

:       0       0

රෝහණ Monday, 20 July 2015 05:15 AM

ඔබතුමා ආදර්ශමත් වන්න. තරුණ නායකයෙක් විදියට හොඳ අනාගතයක් ඇත. සංයමය, විනය, සහ නායකත්වයට ඕන ගුණාංග ඇතිකර ගන්න. නිහතමානී වන්න. ඔබට ජය පතමු.(ම)

:       0       0

කපුගේ Monday, 20 July 2015 05:18 AM

රුවන් සඳක් රුවන් මිනිසෙක් සුබ පැතුම් (ම)

:       0       0

කැනඩා දිසා Monday, 20 July 2015 05:30 AM

මෙන්න ආදර්ශමත් මිනිස්සු ..!, මේවා රටේ හිටපු රට බේරා ගත්තා කිය කීයා යන රටේ හිටපු නායකයාටත් , ආදර්ශ ,.(ම)

:       0       0

අසංක Monday, 20 July 2015 09:31 AM

ඔබට ජයෙන් ජය! (ර)

:       0       0

ඩයස් Monday, 20 July 2015 05:50 AM

මෙවැනි මහතුන් හැම පක්ෂයකින්ම පත් කර ගනිමු. (ම)

:       0       0

කුමාර Monday, 20 July 2015 06:11 AM

ඔබවෙනි නායකයන් රටට අවශ්‍යම යුගයක රට ජාතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන්න දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා (ම)

:       0       0

ලුම්බිණි Monday, 20 July 2015 06:33 AM

සුබ පැතුම්! (බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 20 July 2015 06:33 AM

අපේ අනාගත හොද නායකයෙක් ඔබට ජය පතමි (බ)

:       0       0

ක්‍රිෂාන්ති Monday, 20 July 2015 06:46 AM

ඔබ වැනි නායකයින් තරුණ නායකයින්ට අාදර්ශයක්. ඔබ මැරෙයක්,බාර් කාරයෙක් නෙමයි. නියම මහත්තයෙක් .ඔබ වැනි මිනිසුන් තමයි මැති සබයට යවන්න ඕනෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site