කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති 55 වැනි මැංගුස් සටන කළුතර විදුහලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන්විය.
තිස්ස විදුහලේ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විදුහල් කණ්ඩායමට ආරාධනා කලේය. කළුතර විදුහල් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 187 ක් ලබාගත අතර එහිදී අගනා පිතිහරඹයක නිරතවූ පැතුම් නිශ්ෂංක ලකුණු 75 ක් ලබාගැනීමට සමත්විය.
තිස්ස විදුහල් කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 94 ක් පමණි.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් කළුතර විදුහල් කණ්ඩායම කඩුලූ 6 කට ලකුණු 144 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවා තිස්ස විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහිදී කළුතර විදුහලේ වෙනුර නෙවිල් ලකුණු 60 ක් රැස්කළේය.
තරගය අවසන් වන විට තිස්ස විදුහල් කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය. හශාන් චාමර නොදැවී ලකුණු 54 ක් සහ මලිඳු සම්පත් නොදැවී ලකුණු 20 ක් රැස්කරගන ඒ වන විට කඩුල්ලේ රැදී සිටියහ.
කළුතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187 (පැතුම් නිශ්ෂංක 75, ඉසුරු බුද්ධික 53, මිලින්ද සම්පත් 54/4, හශාන් චාමර 49/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 144 (හිමේෂ් මධුෂාන් 32, විනුර නෙවිල් 60, ඉෂාර දනේෂ් 32/2, සංක චතුරංග 34/3)
තිස්ස විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 94 (හිරුන සිල්වා 6/2, රවිඳු උමයංග 17/3, දිල්ෂාන් ලක්ෂිත 15/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 108 (හශාන් චාමර නොදැවී 54, මලිඳු සම්පත් නොදැවී 20)
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැංගුස් සටනේ වැඩි ගෞරව කළුතර විදුහලට
අශාන් Monday, 25 March 2013 11:08 AM
තව ටිකෙන් කළුතර විද්‍යාලේ පරදිනවා. (ස)
තේෂාන් Friday, 29 March 2013 09:06 PM
විද්යාලේ කොල්ලෝ එහෙම පරදිකවද?(නදී)
ලියනගේ Sunday, 24 March 2013 10:28 PM
මගේ පාසලට ජයවේවා (දී)