IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැංගුස් ගහෙන් මාරයා එයි

( නිරෝෂණ පෙරේරා) )

 මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත්  66 හැවිරිදි  දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන්  මරුමුවට පත්ව  ඇතැයි පොල පොලීසිය කියයි.‍

පැල්මඩුල්ල සිංහපුර බටලන්දේ පදිංචි කේ.ලීලාරත්න නම් අයෙකු මෙසේ මියගොස් ඇත.

දිවා ආහාරය ගැනිමෙන් පසු නිවස ආසන්නව පිහිටි මැංගුස් ගසේ මැංගුස් කැඩිමට ගොස් තිබේ .මැංගුස් ගසේ අත්තක් කඩා වැටෙන ශබ්දය ඇසි මියගිය අයගේ බිරිඳ සහ අසල්වාසියෙක් ගොස් බලද්දී ඔහු බ්ම වැටි සිටි අතර කහවත්ත මුලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව  එම රෝහලේ බාහිර රෝගි අංශයේ වෙද්‍යවරයා දැනුම් දි ඇතැයි පොලිසිය පවසයි .       



අදහස් (5)

මැංගුස් ගහෙන් මාරයා එයි

PATTA hora Thursday, 25 January 2024 05:02 PM

මැංගුස් අත්තක් කඩාගෙන ගහකින් වැටිලා මැරුණා කියලා ඇහුවාමයි. මැංගුස් අතු පට්ට වගේ හයියයි. අනෙක අතු වටේට කුඩයක් වාගේ අඩි තුනෙන් වගේ පරතරයකින් පහළ සිට ඉහළටම විහිදෙනවා. එක අතකින් ලිස්සලා වැටුණොත් අනිත් අතුවල හිරවෙනවා. පොඩි කාලේ ඉඳන්ම අත් විඳින්නට ලැබුණා. මේක මොනවා හරි වෙනින් ක්‍රමයක මරණයක්.

:       0       12

වධකයා Friday, 26 January 2024 05:54 AM

ඔව් මෙතන වෙන යමක් තියෙනවා, නාකි මනුස්සයාට ගහලා මරලා, ගහෙන් වැටිලා මලා කිව්වද දන්නේ නැහැ. වහාම මරණකරුගේ බිරිඳව අත්අඩංගුවට අරගෙන, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, දස වද දීලා, රහස දැනගන්න. වදදීමට සිද්ධාලේපය පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

:       0       3

Ananda Friday, 26 January 2024 07:12 AM

ඒකනම් සහතික ඇත්ත මැංගුස් අතු හරිම ශක්තිමත්. ඒවා කැඩෙන්නෙම නැහැ... ගහේ අතු එකළඟ තියෙනවා.. අල්ලාගෙන ඉන්න පුළුවන් තවත් එකක් අත්ත කඩා වැටෙනවා... ඇහුණාම බිරිඳ ගමේ මිනිස්සු එක්කම ගියා කිව්වාම තවත් සැකයක් පේනවා... ඔය ප්‍රදේශයේ බලංගොඩ පාරේ ඕපනායක පොලිසිය තියෙනවා. ඇඹිලිපිටිය පාරේ කහවත්ත පොලිසිය තියෙනවා. අධිකරණයක් තියෙන නිසා පැල්මඩුල්ලේ පොලිසියක් ඇති එහෙම නම් වාර්තාව කියන පොල පොලිසිය මොකක්ද?

:       0       2

විශ්වජිත් Friday, 26 January 2024 10:19 AM

මාවත් එක පාරක් මැංගුස් කඩන්න ගිහින් වැටුණා... ඔය විදියටම ගහ උස නැති නිසා බේරුණා. පහළ අත්තක් කැඩුණේ...

:       0       0

pakeer Friday, 26 January 2024 03:08 PM

මාව පොඩි කාලේ මැංගුස් ගහෙන් වැටුණා... ඔලුව පහළට හිටින විදිහට... කැරකිලා අතක් වටේ...මාව බේරුණේ... පහළ අතුවල වැදි වැදී ආපු නිසා... හැබැයි... මේ මනුස්සයාගේ ඔලුව පහළට ඒ වගේ කෙළින්ම ආවා නම් ඉතින් ඔන්ද ස්පොට්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site