IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මංගල මානව හිමිකම් කමිසුරු හමුවේ

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවී  විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගී වීමට පෙර අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී මෙලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් නව රජය ඉදිරියේ සිදු කරන්නට යන වැඩපිළිවෙළ ගැනත් ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවරයන් පිළිබඳව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කළේය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවන දෙවැනි අවස්ථාව මෙයයි.

IMG_manga_20159142868 IMG_manga20159142874 manga_2015914IMG_2860



අදහස් (0)

මංගල මානව හිමිකම් කමිසුරු හමුවේ

නාමල් නිව්යෝක් Monday, 14 September 2015 09:31 AM

රජයේ හමුදාවල සුළු පිරිසක් අතිනුත් අපරාධ සිද්වී ඇති බවට ශාක්සි තිබෙනවානේ... දේශීය යාන්ත්‍රණයකින් ඒ අයට දඩුවම් දී උතුරේ මිනිස්සුන්ට සාධාරනය ඉටු කරන්න. (අ)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 10:00 AM

තිත්ත වුණත් ලෝක බල තුලනයේ යථාර්තය පිළිගත යුතුයි (අ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 14 September 2015 06:56 AM

මර්වින් සිල්වා මැතිදුන් මේකට ගියා නම් උඩින් බේරා ගන්නවා මේ ප්‍රශ්නේ. මොනවා හරි විවාහ යෝජනාවක්වත් ගෙනල්ල. ගැනිට පුලුවන්ද මිනිහට විරුද්දව යන්න. (අ)

:       0       0

නිශාන්ත Monday, 14 September 2015 07:36 AM

සාකච්ඡා සාර්ථක වේවා! (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 14 September 2015 07:57 AM

පිවිතුරු යහපාලට තමන්ගේ ඇත්ත නමින් ලියන්න හයියක් නැද්ද? (නි)

:       0       0

මාලක Monday, 14 September 2015 08:01 AM

පිවිතුරු යහපාල වගේ වැඩවසම් යුගයක් පතන අයට මේවා තේරෙන්නේ නැහැ. ජාත්‍යන්තරයත් එක්ක වැඩකරනකොට මෙහෙම තමයි වැඩකරන්නේ. යම්කිසි සම්මුතියක් ගොඩනඟා ගන්න වෙනවා. (නි)

:       0       0

ගාමිණී විජේගුනවර්දන Monday, 14 September 2015 09:12 AM

විරුද්ධ දේශපාලන මත දාරීන් මොනවා කිවත්, මෙම රජයෙන් රටට යහපත් ප්‍රතිචාර විදේශ රටවලින් ලබා දෙනවා නිසැකය. රටට යහපතක් හොඳක් වෙනවා කියන්නේ මුළු රටටම සේම ජාතියකටම ආගමකට යහපතක් (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 14 September 2015 09:48 PM

වටහා ගැනීමේ තීරණ ගැනීමේ ව්‍යාකූලතාව ඇතිවෙන අයුරින් අනන්‍යතාව වැළලුනු කල ප්‍රතිඅදහස් වල කිසි හරයක් නොමැත. පිවිතුරු යහපාල නමින් මුලින්ම ඇති අදහස සැබෑ පිවිතුරු යපාලගේම බව තහවුරු කරන්න බැරි කල, ඔහු ඔවැනි බාල අදහස් ඇත්තෙක් බව හිතන්නට බැරිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site