IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල් කළමනාකරණය හරියට කළොත්  රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම  පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මංගල සමරවීර මහතා  මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බව කී අතුකෝරල මහත්මිය මංගල සමරවීර මහතා  තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බව සඳහන් කළාය.

ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.

සාමාන්‍ය ජීවිතය ගත කරන අයට අද  නිදහස් අධ්‍යාපනයත් හීනයක් වී ඇතැයි ද ඉස්පිරිතාලයකට ගියොත් බෙහෙත් ටික ගන්න හැකියාවක් නැති අතර මේ තත්ත්වය යටතේ නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ගැන කතා කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළාය.

අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අතුකෝරාල මහත්මිය මේ බව කීවාය.



අදහස් (2)

මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි

de silva Thursday, 17 November 2022 03:19 PM

අපේ සර්ගෙ කෙරුවාව හොඳ නැද්ද?

:       0       2

fairoosThursday, 17 November 2022 04:52 PM

සර් කරපු හරිය මදැයි .ඉන්න හිටින්න රටක් ඒකයි පස්ස දොරෙන් පැනලා ගියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site