IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීගමු සංගීතයෙන් පැරීසිය ඔපවත් වෙයි

ප‍්‍රංශයේ වෙසෙන විදේශිකයෝද තම තමන්ට හිමි සංස්කෘතික අංග සමග එයට ආවේනික සංගීත රාවයන්ගෙන් එම පරිසරය හැඩ වැඩ ගන්වයි එම දිනයට මුළු ප‍්‍රංශයම සංගීත ලෝකයකි.

මෙම ලෝකයට එක් වීමට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝද අමතක නොකරති. ඒ අනුව මෙවර පැරීසියට නුදුරින් පිහිටි බගතලේ උද්‍යානයේදි පැරීසියේ ලාංකිකයෝ සංගීත දිනය මහ ඉහලින් සැමරූහ.

ප‍්‍රංශයේ මිදි යුෂ, ස්කොට්ලන්තයේ බාර්ලි යුෂ, රුසියාවේ සිසිල් යුෂ අතරට ලාංකික රස බොජුන් එක්වී තිබුණේය. දේශීය හා විදේශීය ගීත වල රස විදිමින් සතුටෙන් සමගියෙන් විනෝද වීමට එම අවස්ථාව ලබා දුන්නේ පැරීසියේ මීගමු සංවිධානයයි. එහි ආරම්භක පුරවැසියාවූ අයිවන් සෙනෙවිරත්න, හිටපු හා වර්තමාන සභාපති රංජිත් ප‍්‍රනාන්දු හා ජයලත් ,ජෝ ප‍්‍රනාන්දු , ලක්මාල් යන මහත්වරුන් පිරිස අතරට එක් වෙමින් ඔවුන් පිළිගනිමින් සතුටු සාමිචියේ යෙදෙමින් සංග‍්‍රහා කරමින් උත්සවය සාර්ථක කර ගැනීමට වෙහෙසෙති.

 එම සංවිධානයේ සෙස්සෝද සිනහවෙන් කෑමෙන් බීමෙන් සංග‍්‍රහා කරති. සියල්ලෝ කති, බොති, නටති, සතුට බෙදා හදා ගනිති. එදින පැරීසියේ ලාංකිකයෝ  ප‍්‍රංශයේ 32 වන සංගීත දිනය එලෙස සැමරුවේය. ඔවුහු පැරීසියේ මීගමු සංවිධානයට ස්තුති කිරීමටද අමතක නොකළහ.

යුරෝපයට වසන්ත ඝෘතුව ඇරඹෙන්නේ ජුනි මස 21 වැනිදාටය. හරිත වර්ණ තුරුලතා විවිධ වර්ණ පුෂ්පයන් ගෙන් වර්නවත් වූ පරිසරය හැඩ වැඩ වන්නේ මෙදින සිටය. 1982 ජුනි 21 වැනි දින ප‍්‍රංශයේ සංගීත දිනයක් ලෙස එවකට සිටි ප‍්‍රංශ සංස්කෘතික ඇමති ජැක් ලෑන්ග් මහතා විසින් ප‍්‍රකාශයට පත් කැරිණි.

 එදා සිට අද දක්වා එම දිනයට ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ ස්ථාන මෙන්ම බොහෝ මං මාවත් සංගීත කණ්ඩායම් වලින් පිරී ඉතිරී සෑම දිශාවක්ම සංගීත රාවයන්ගෙන් දෙසවනට මිහිරක් ගෙනදේ.

 

 

 



අදහස් (0)

මීගමු සංගීතයෙන් පැරීසිය ඔපවත් වෙයි

සුරංග ප්‍රදීප් Thursday, 26 June 2014 09:19 PM

රෝහණ ඔයා හරි . සුනිල් වගේ කට්ටිය කොහොමත් අනුන්ගේ සතුටට ඉරිසියා කරන අය (අ)

:       0       0

පොඩ්ඩා Thursday, 26 June 2014 10:20 PM

ඇත්තෝ කති ,බොති ,නටති.නැත්තෝ රවතී,ඔරවති ,ගොරවති (අ) .

:       0       0

පුෂ්ප Thursday, 26 June 2014 10:45 PM

සන්තෝසයි ඉතින් (දී)

:       0       0

මාරි Friday, 27 June 2014 06:28 PM

අනේ මටත් කියන්න ආයෙත් මීගමුවේ අය එකතු වෙද්දී. ගෙදර ගිය අය වගේ දැනෙයි (නදී)

:       0       0

සුනිල් ගම්පහ Thursday, 26 June 2014 03:50 PM

මෙතන ඉන්නේ මීගමුවේ කොටස පමණයි. ඔවුන් කොහොමත් කාල බිලා නටලා ඉන්නා කොටසක්. ජිවිතයේ අරුත හරය ගැන හැඟීමක් නොමැති කොටසක්. (ස)

:       0       0

මහේන්ද්‍ර Thursday, 26 June 2014 11:10 PM

අපිටත් එන්න ලැබුණා නම්... (නි)

:       0       0

හිරාන් Thursday, 26 June 2014 11:11 PM

නියමයි! (නි)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Friday, 27 June 2014 12:48 AM

කන්න බොන්න නටන්න. හැබැයි ඇන කොටාගෙන කපාකොටාගෙන රණ්ඩු දබර ඇතිකර ගන්න එපා (නි)

:       0       0

සිල්වා Friday, 27 June 2014 12:55 AM

හෙට මැරුණත් මීගමුවේ මිනිසුන් ඉන්නේ සතුටින් (නි)

:       0       0

වෙනුර Friday, 27 June 2014 01:21 AM

අපිත් දන්නවා නම් එනවනේ! (නි)

:       0       0

හසන්ත Friday, 27 June 2014 03:36 AM

කොච්චර ප්‍රීතිමත්ද? (නි)

:       0       0

රෝහණ Thursday, 26 June 2014 05:48 PM

මීගමුවේ ඉන්නේ කොහොමත් ජීවිතේ විඳින පිරිසක්. ජීවිතේ විඳව විඳව අනුන්ට ඉර්ෂ්‍ය කරන්න එපා සුනිල් ගම්පහ. (දී)

:       0       0

සමා Saturday, 28 June 2014 09:01 PM

සුභපතනවා ලාංකිකයෙක් විදිහට (දී)

:       0       0

තුෂාර Thursday, 26 June 2014 01:51 PM

මමත් ඔතන එදා හිටිය,අන්තිමට උන දෙය වෙලා නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 26 June 2014 01:53 PM

මේවා ඉතින් ලංකාවේ අපිට හීන තමයි .රටේ සල්ලි සේරම දේශපාලකයෝ ගිල්ලම අපිට කවිබන තමයි හැමදාම අහන්න වෙන්නේ.බලන්න ඒ රටවල මිනිසු විනෝදෙන් ඉන්න හැටි. (දී)

:       0       0

ඉන්දු Thursday, 26 June 2014 02:19 PM

කෝ ලොකු සෙනගක් නැහැනේ. (ස)

:       0       0

ලක්මන් Thursday, 26 June 2014 07:49 PM

මිගමු අය ලෝකේ ඕනෑම තැනක සතුටින් සහයෝගයෙන් ඉන්න පිරිසක් මීගමුවට ඇවිත් බලන්න දමල මුස්ලිම් බුදාගම කතෝලික සියල්ල සමගි තැනක් ලංකාවටම අදර්ස තැනක් ආගන්තුක සත්කාර ඉයලම තැනක් .(අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 27 June 2014 04:26 PM

මිගමු සංවිධානයේ සුහද හමුවේ ඉහල නිලධාරින්ගේ ආරාධනාවකට අනුව මමත් ගියා. සැලකිය යුතු පිරිසක් හා සංවිධානවල ක්‍රියාකාරීන් පිරිසක් ද මට මුණ ගැසුනා. සියල්ලෝ සමගිව සතුටු උනා. සංග්‍රහ ශීලිත්වය ඉතා ඉහලයි. සාමකාමීව හමුව අවසන්වීම ගැන ඉතා සතුටුයි. ජයවේවා !!!(දී)

:       0       0

නන්දලාල් Thursday, 26 June 2014 02:59 PM

බොහොම හොඳට මේ සංගීත සංදර්ශනය ගැන පලකල ලිපියට ගොඩක් ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site