IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මගමරු ස්කූටරයෙන් එයි

හොරණ රෙමුණේ දි ස්කූටරයක් ටිපර් රියක ගැටී එය පදවාගෙන ගිය සංවර්ධන නිලධාරිනියක මියගිය බව පොලිසිය කියයි.

DSC07633 DSC07676 DSC07712 vlcsnap-2014-11-08-17h40m44s19



අදහස් (0)

මගමරු ස්කූටරයෙන් එයි

සංජීව Sunday, 09 November 2014 10:42 AM

ටිපර් එකේ රියදුරා කවුද? අයිතිකාරය බල පුළුවන්කාරයෙක් නම්, මේ මියගිය අපේ සොයුරියට සාධාරණයක් වෙන්නේ නැහැ, ඒක සිකුරුයි. මොනව නැති වුණත් කමක් නැහැ. පුංචි එවුන් දෙන්නෙක්ට අම්මා නැතිකළ එකාට නම්, හොඳක් සිද්ධ වෙන්නේ නැහැ.(හේ)

:       0       0

සමන්ජය Sunday, 09 November 2014 11:08 AM

කොහොමටත් ලංකාවේ බොහෝ රියදුරන්ගේ විනය අන්තිමයි. එය තමා මාරක රිය අනතුරුවලට ප්‍රධාන හේතුව. (හේ)

:       0       0

ලුම්බිණි Saturday, 08 November 2014 11:59 PM

මෙම ස්කූටරය තිබෙන්නේ පාරේ හරි පැත්තේ. ඒ ව‍ගේම පාර දිගේ ඇදීගෙන ගිය ලකුණු තිබෙන්නේත් එම පැත්තේමයි. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 08 November 2014 10:27 AM

බැලුවොත් දවසකට බයික් වලින්ම කී දෙනෙක් මැරෙනවාද?(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 10:57 AM

දුකයි මේ විදිහට මිනිස්සු මැරෙද්දි.(හේ)

:       0       0

නිසංසලා Saturday, 08 November 2014 11:00 AM

හැමදාම මේ වගේ තමයි.අපේ අයගේ වැරදි තමයි.(හේ)

:       0       0

ශානක Saturday, 08 November 2014 11:02 AM

මේ අලුතින් දුන්න ස්කූටර නේද? තව අනතුරු ගොඩක් ඉදිරියේදී බලපොරොත්තු වෙන්න පුළුවන්.(හේ)

:       0       0

රෂාන් Saturday, 08 November 2014 11:29 AM

මරු බජෙට් එකෙන් එයි- ඉස්සරහට රජයේ සේවකයන්ගේ බයිසිකල් වල (අ)

:       0       0

ටිරාන් Sunday, 09 November 2014 02:55 AM

පවු. ලස්සන කාන්තාවක්. (නි)

:       0       0

මයුර Sunday, 09 November 2014 12:54 PM

කවුරු හරි හෝ නිවැරදි විය හැක. ඇය එම විපතට පත් වී අවසන්ය. හොද පුහුණුවකින් වාහනය පදවන්න. එමෙන්ම අවධානයෙන් මහ මඟ යාමට අපම සමාජය තුල කතිකාවතක් ගොඩ නැගිය යුතුය. (නදී)

:       0       0

ගාමිණි Saturday, 08 November 2014 11:35 AM

වේගය තමයි රිය අනතුරු වලට හේතුව.(හේ)

:       0       0

අසේල Saturday, 08 November 2014 11:37 AM

දවසට මේ වගේ කී දෙනෙක් නැත වෙනවාද?ඇයි මේ නොසැලිකිමත් කමයි.(හේ)

:       0       0

දනංජය Saturday, 08 November 2014 11:39 AM

අනතුරු දැන් එන්න එන්න වැඩි වෙනවා.(හේ)

:       0       0

ප්‍රදීප් Sunday, 09 November 2014 03:29 AM

දයාබර ඉශානි නංගී, ඔබට නිවන් සුව! මෙහි සිටින අය මොනවා කිවුවත්, ඔබ පාරේ හරි පැත්තෙන් ගියා. ටිපර්කරු රෙමුණ හන්දියත් සාගර හොටලයත් අතර අංශක 90 වංගුවේදී තනි ඉරද නොසළකා ඔබව ඉස්සර කරන්න හදනකොට ඔබව එහිම වැදී එයටම යටවූවා. මිනිසුනි , ඔබ දුටුවානම් ඇයගේ තවම කිරිබොන දරුවා ඊයෙ මහා රෑ වෙනතුරු ආච්චිගේ උරහිසට වී අම්මා එනතුරු නිදි නැතුව හිටි හැටි මේ වගේ කතා නොකියනු ඇත.( ඇය හොරණ තක්ෂිලා විද්‍යාලයේ 98 සාමාජිකයෙකි, දේහය යාල හන්දියේ සැමියාගේ නිවසේ තබා තිබේ.) (නි)

:       0       0

රුචිර Sunday, 09 November 2014 03:51 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගාමිණී Saturday, 08 November 2014 12:08 PM

ශානක, ස්කුටර් දුන්න එකද වැරැද්ද? (නදී)

:       0       0

චමල් Saturday, 08 November 2014 12:10 PM

ශානක ඔය හරියට හරි. කාන්තාවෝ මේවා පැදගෙන යන විදිය දැක්කම බයේ බැහැ. ඒගොල්ලන්ට හුරු නැති බව හොඳට පේනවා. පිටිපස්සේ වාහනයක් නලාව නද කරාම මේගොල්ලන්ව වෙව්ලනවා. තව ඉස්සරහටත් බලාපොරොත්තු වන්න. (නදී)

:       0       0

බුද්ධිකා Sunday, 09 November 2014 04:44 AM

පුදුම නරක මිනිස්සු ඉන්න ලෝකයක් මේක...තව කෙනෙක්ට ගරු නොකරන....තව කෙනෙක්ට ඉඩ නොදෙන මිනිස්සු ඉන්නේ වැඩි හරියක්... අහින්සක පුන්චි පැටවු දෙන්නගේ ලෝකය බලාගන්න හිටියේ ඔයා.... කාලකන්නියෙක්ගේ හිතුවක්කාර නොහික්මුනු එක දෙයකින් අහින්සකයන්ගේ ලෝකයක්ම විනාශ වෙලා... කිසිම ආත්මයක මේ වගේ විපතක් නම් වෙන්න එපා..(හේ)

:       0       0

රජිත් Sunday, 09 November 2014 04:48 AM

ටිපර් රියදුරන් මග මරුවෝ කිසි අනක් ගුණක් නැති අයයි.(හේ)

:       0       0

චමල් Sunday, 09 November 2014 05:05 AM

වැරැද්ද කාගේද දන්නේ නැහැ. එත් ලංකාවේ මේ වගේ කාන්තාවෝ ස්කුටර් පදිනවා වැඩියි. කිසිම පාලනයක් නැතිව ස්කුයර් දෙනවා. (නදී)

:       0       0

රංගන Saturday, 08 November 2014 12:49 PM

තමන්ගේ හැකියාව දන්නේ තමන්. යමක් නිකන් හෝ අඩුවට ලැබුණු පලියට පාවිච්චි කරන්න කලින් පලමුවත් සිතන්න දෙවනුවත් සිතන්න, තෙවනුවත් සිතන්න. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 09 November 2014 05:21 AM

ප්‍රදීප් මහතා-ඔබේ අදහස් හරිම සංවේදීව අපි දන්නවා. කෙනෙක් අපෙන් සදහටම වෙන්වූ විට ඇතිවෙන වේදනාව කුමක්ද කියා. කාගේ හෝ වරදින් දැන් සියල්ල සිදුවෙලා හමාරයි. චූටි දෝනිගේ ආදරණීය මෑණියන්, ස්වාමියාට ආදරණීය බිරිඳත්, දෙමාපියන්ගේ ආදරණීය දියණියත් සහ මේ රටට සංවර්ධන නිලධාරිනියක මේ අහිමි කල මේ රියදුරා මෙන් තවත් අවිනීත රියදුරෝ අපේ රටේ ඕනේ තරම් සිටිනවා. අපේ අය බොහෝවිට ලියන්නේ අදාළ නැති දේවල් තමා. අනුන්ගේ දුක හෝ වේදනාව අනුව ඔවුන්ට යම්කිසි මානසික සැනසීමක් වෙනුවෙන් වටිනා අහසක් පලකිරීම වඩාත් වැදගත්. (නදී)

:       0       0

හර්ෂි Sunday, 09 November 2014 05:27 AM

නොසැලකිලිමත් කම තමයි ප්‍රධානම හේතුව (නදී)

:       0       0

ජයනි Sunday, 09 November 2014 05:37 AM

දරු පවුල ගැන හරිම කනගාටුයි. මියගිය ඇයට නිවන් සුව. ! (හේ)

:       0       0

රසික Sunday, 09 November 2014 06:18 AM

අදහස් කියන්න හිතෙන්නේ නැති තරමට හිරිකිත වෙලා මිනිස්සුන්ගේ ඔලු. ගැහැනියෙක් පාරේ වාහනයක් පදිනකොට පිටිපස්සේ ඉන්න වාහන වලට අමුතු කුලප්පුවක් එනවා. හිතන්නේ නැහැ ඒ ගැහැණු කෙනා ඒ විදියට යන්නේ තමන් නැති තැන තමන් ගේ පවුල විනාස වෙනවා කියල දන්නා නිසා. වගකීමෙන් කියන්නේ ලංකාවේ සියලුම බරවාහන අයිති එක්කෝ පොලිස් නැත්නම් දේශපාලන බලයක් ඇති අය. මේවයේ රියදුරන් දවසේ පැය 18 වැඩකරන කිසිම පළපුරුද්දක් හෝ බොහෝ විට බලපත්‍ර පවා නොමැති අය. මේ වගේ නඩු වලදී බොහෝවිට මියගිය කෙනාගේ පිටට වරද පැටවිලා බොහෝවිට නඩුව අහක යනවා. ලංකාවේ සංස්කෘතික සෝදා පාළුව ගැන ලියන්න කොස්ලන්ද කන්දත් මදි. (නදී)

:       0       0

ගිහාන් Saturday, 08 November 2014 01:43 PM

පුෂ් බයිසිකලයක් පදින්න බැරි කෙනාටත් ස්කුටර්ය ලැබුනාම ඉගිල්ලෙන්න හිතෙනවා.(අ)

:       0       0

සම්පත් ප්‍රියාන් Sunday, 09 November 2014 02:42 PM

මේ ඡන්දෙට කලින් දුන්න යතුරු පැදියක් නේද (නදී)

:       0       0

නුවන් Sunday, 09 November 2014 06:56 AM

ඡන්දෙ ගන්න හැම කෙනාටම ඔය වගේ මග මරු ස්කුටර් බෙදලා දුන්නනේ!(හේ)

:       0       0

ප්‍රසන්න Sunday, 09 November 2014 07:18 AM

දුන්න අයට හෙන ගහන්න ඕනේ.(හේ)

:       0       0

නිමල් Saturday, 08 November 2014 03:44 PM

මෙතන ඔක්කොම කට්ටිය මේ අහිංසක ගෑනු කෙනාගේ වැරැද්ද කියල තියෙන්නේ. ටිපෙර් පාරේ යන්නේ කොහොමද කියල අපි හැමෝම දන්නවා.. මුළු පාරම ඒ මිනිස්සුන්ට අයිති කරගෙන තමා ඒ ගොල්ලෝ යන්නේ(අ)

:       0       0

සුනෙත් Saturday, 08 November 2014 03:48 PM

ටිපර් එක කෝ ?(අ)

:       0       0

තුෂාර Saturday, 08 November 2014 04:20 PM

හරියට මාර්ග නීති රීති මිනිස්සුන්ට කියල නොදී රියදුරු බලපත් දෙන එකේ වරද,1999 මම ගත්තේ මගේ රියදුරු බලපත.මට දුන්නේ ඉස්සරහට පදවාගෙන යන්න.(අ)

:       0       0

නදීක Sunday, 09 November 2014 08:15 AM

ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ගැහැණියක් වාහනයක් පැදගෙන පාරේ ගියත් ඒක නිකම් මැජික් එකක් වගේ. මේ මෝඩ මිනිස්සු තම වාහනය ඇගට කපලා අමුතු විකෘති ආස්වාදයක් ලබාගන්න බව පේනවා.(හේ)

:       0       0

චමිලා Saturday, 08 November 2014 04:37 PM

මෙතන අය දන්නේ නැහැ ටිපර් කාරයෝ පාරේ යන හැටි . පාරේ කාන්තාවක් හිටගන හිටියොත් වතුර විදිනවා , වාහනේ ඇගට කපනවා .නැහැදිච්චම ජාතියක් තමා ටිපර් කාරයෝ . (අ)

:       0       0

රනුක - යාල Saturday, 08 November 2014 04:59 PM

නැහැදිච්චම ජාතියක් තමා ටිපර් රියදුරන්. බස් රියදුරන් තරමක් හොඳයි. (නි)

:       0       0

නිහාල් Saturday, 08 November 2014 05:55 PM

අනේ දෙවියනේ! මොකක්ද මේ සිද්ධවුණ අපරාධය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site