IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාගම්පුර නැව් හදයි ?

හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියාව සහ නැව් අලුතින් ඉදිකිරීම සඳහා වූ  අවබෝධතා ගිවිසුකමට අත්සන් කැරිණි.

ගිවිසුම අත්සන් කිරීම වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවිය. කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම  සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමේ  නියෝජිතයෝ   ඊට  අත්සන් කළහ.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉඳිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකා  ඩොලර් කෝටි 60කි.  (රුපියල් කෝටි 8400) කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අලුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව්  හා සම්බන්ධ විවිධ සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන බව වරාය හා නාවික අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියයි.

මාගම්පුර වරායේ පළමු අදියර යටතේ දැනට නැව් සේවා   සිදු කෙරෙන අතර එහි දෙවන අදියරේ ද ඉඳිකිරිම් අවසන් කර වරාය ජලයෙන් පුරවා අවසන් වැඩ නිම වෙමින් පවතී.  



අදහස් (0)

මාගම්පුර නැව් හදයි ?

විජයබාහු Monday, 21 September 2015 08:51 AM

කුමාර ගොඩක් කට්ටිය එහෙම හිතන්න කැමති නැ මදිකමක් හෝ තියන කුහක කම හින්ද. (අ)

:       0       0

රොහාන් Sunday, 20 September 2015 06:27 AM

මොන ආණ්ඩුවේ හැදුවත් මේවා ජාතික ධනය. නිකම් නාස්ති වෙන්න නොදී මෙහෙමවත් දෙයක් කරන එක ගැන අපේ ස්තුතිය! ඒ වගේම මත්තල ගුවන්තොටත් යම්කිසි ප්‍රයෝජනවත් වැඩකට යොදාගනී කියලා අපි හිතනවා. (නි)

:       0       0

විකුම් Sunday, 20 September 2015 06:28 AM

අර්ජුන, ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ගෞරියෙල් Sunday, 20 September 2015 06:56 AM

අපේ රටේ ආර්ථිකයට වගේම උපාධිධාරී තරුණයින් හොඳ දෙයක් (නි)

:       0       0

නිහාල් Sunday, 20 September 2015 07:01 AM

ඇයි රොහාන් මත්තල වී ගබඩා කරලානේ තියෙන්නේ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Sunday, 20 September 2015 07:32 AM

ක්‍රිකට් දැවැන්තයින් හමුවේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ ඔබගේ අරමුණ නිසැකවම පලදරනු ඇත. හම්බන්තොට වරාය නුදුරේදීම ලෝකයේ අවධානයට යොමු වෙයි. අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සිල්වා Sunday, 20 September 2015 07:43 AM

ඉදිරි වසර 5 තුළ කාටත් බලන්න පුළුවන් නව රජයේ වැඩ. රට ඉතා ඉහළ තලයකට ගෙනයන්න වැඩ කරලා තමයි පස්ස බලන්නේ. (නි)

:       0       0

කුමාර Sunday, 20 September 2015 07:45 AM

ඒත් ඉතින් ඕවා කෙරුනේ මහින්ද මහත්තයා නිසානේ (නි)

:       0       0

ප්‍රනීත් Sunday, 20 September 2015 08:33 AM

ඔයාල හිතනවද දවසින් දෙකින් අවබෝධතා ගිවිසුම් සැලසුම් කරනවා කියලා. මේවාට අවුරුදු ගණන් යනවා. මෙයාල අත්සන් කරන්නේ තාම පහුගිය රජයේ ආර්ථික සැලසුම්. (ම)

:       0       0

ලලිත් Sunday, 20 September 2015 11:52 AM

ඔය අවබෝධතා ගිවිසුම් ගැන කියනකොට නෙමෙයි නම ඇහෙනකොටත් බය හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site