IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී, යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම් වන්නේ රුසියාවට පක්ෂව යැයි යුක්රේනයේ හිතවතුන් වන ප්‍රංශය ද ඇතුළු සෙසු යුරෝපා රටවල් චෝදනා කරයි.

සුහඳශීලීව පැවැති සාකච්ඡා අතරතුරේ, ට්‍රම්ප් මැක්රොන්ට පෙන්වා දුන්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොකළොත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම නැවැත්විය නොාහැකි බවය. එසේ වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවට ට්‍රම්ප් පොරොන්දු විය.

මැක්රොන්, ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවූයේ, රුසියන් යුක්රේන යුද්ධයට වසර තුනක් සපිරෙද්දී වීම විශේෂත්වයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි

mithila Tuesday, 25 February 2025 12:06 PM

මැක්රොන් සහ ට්‍රම්ප්ගේ හමුවීම යුක්රේන සාමයට ඉමක් වේවා!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site