IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ

හේමලතා ඩී හේවගේ

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි.

ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඇති කුඹුරු යායට තබන ලද ගින්නක් පැතිරිම නිසා මෙම කුඹුක්ගස්ද එම ගින්නට හසුවන්නට ඇති බවද පොලීසිය සැක පහලකරයි.

මෙම ගිනිගැනිමේ සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙම කුඹුක් රක්ෂිතයේ ගස් 175 කට ආසන්න සංඛ්‍යාක් තිබූ අතර මීට පෙරද අවස්ථා දෙකකදී ගින්නට හසුවීම නිසා ගස් රැසක් විනාශවී ගිය බවත් මිනිසුන්ගේ නොසැලකිළිමත් කම නිසා අපගේ පරිසර පද්ධතියට විශාල හානි සිදුවන බවත්ය.

කුඹුක් ගස් 25 කට ආසන්න සංඛ්‍යාවක් ගින්නෙන් විනාශවී ඇති බවත් මෙම ගිණිතැබීමට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතු බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පොලීසියට පැවසීය.

 



අදහස් (0)

මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site