(යොහාන් භාසුර)
භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව උඳු, මුංඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී යටත් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා ඇත.
උඳු කිලෝවකට මේ දක්වා අයකළ රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, කව්පි, කුරක්කන් සහ මිලට් ආනයනයේදී කිලෝවකට අයකළ රුපියල් 70 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, ඉහළ නංවා තිබේ
බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 25 ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර බඩඉරිඟු, උඳු, මුංඇට, කව්පි හා කුරක්කන් ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත කළ යුතු බවට ද මෙම ගැසට් නිවේදනයෙන් නියමක් පනවා තිබේ.
COMMENTS
ඡන්ද නොතියා ජනතාව නොමරා මරන්නද හදන්නේ...?
අසරණ මිනිස්සු කන බොන දේවල් වලට නොසෑහෙන්න බදු ගහන මේ ආණ්ඩුවට සම්බන්ධ එක කවුරුවත් මොන පක්ෂෙන් ඉල්ලුවත් ඡන්දෙ එහෙම දෙන්න එපා, මොවුන් අපේ මුදලින් V8 වලින් ගිහින් අපේ බත්පතට බදු ගහනවා. මොවුන්ගේ නාස්තිකාර වියදම් සහ හොරකම්වලට අවශ්‍ය මුදල් සොයාගන්න. ඡන්ද කිට්ටු වෙනකොට බොරු ආණ්ඩු විරෝධයක්, බොරු දේශප්‍රේමයක් මවාගෙන විවිධ පිල්වටලට බෙදිලා අපේ ඡන්දෙ අරන් ඡන්දෙන් පස්සේ එකතුවෙලා ආණ්ඩු හදාගෙන බලය අරන් අපිව නැවත සූරාකනවා...