IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මළ සිරුරු විසි අටක් දීර්ඝ කාලයක් තැන්පත් කර තැබීමට ශීතාගාර පහසුකම් නොවීම නිසා එම සිරුරු එකොළහක් දින ගනනාවක සිට එළිමහනේ තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මොරටුව 04 , පිළියන්දල 04 , අගුලාන 04, මිරිහාන 02 , වැලිකඩ , මහරගම බම්බලපිටිය , කිරුළපන, කොහුවල පොලිස් වසම් වලින් රෝහල් ගත කළ පුද්ගලයින් මියයාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා භාරකරුවන් ඉදිරිපත් නොවීමෙන් මෙම මළ සිරුරු මාස දෙකක සිට  මෙසේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පැවසේ.

ඉන් ඇතැම් මළ සිරුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් මහමග වැටී සිටියදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ ඒවා වන අතර තවත් කීපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒවා වන බවත් පැවසේ.

මෙම පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී භාරකරුවන් සේ ඉදිරිපත් වූ පුද්ගලයින් ලබා දී ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා වන බවත් ඇතැම් පුද්ගලයින්ගේ  අනන්‍යතා සහතික කිසිවක් සන්තකයේ නැති බවත් ඒ හේතුවෙන් භාරකරුවන් සොයාගැනීමට නොහැකිව මෙසේ මළ සිරුරු ගොඩ ගැසී ඇති බවත් කිය සිටී.ෙ එම මළ සිරුරු අවුරුදු 40 - 85 අතර වන බවට පොලීසිය සැකකරයි.

මෙම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබීමෙන් සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතුව ඇති අතර මත ශරීරාගාරයේ දෛනික රාජකාරී වලට දැඩි බාධා එල්ල වී ඇතැයි ඔවුන් කියයි. හඳුනා නොගත් මෙම මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට භාරකරුවන් වෙතොත් හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.


 



අදහස් (6)

භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ

dds Wednesday, 07 May 2025 02:30 PM

මළසිරුරු වල පැහැදිලි ඡයාරූප, ඇඟිලි සලකුණු සහ DNA පරීක්ෂණවලට අවශ්‍ය කොටස් ලබාගෙන ඒවා භූමදානය කිරීම තමයි විසඳුම.

:       0       15

ileperumaThursday, 08 May 2025 11:20 AM

මේ පරීක්ෂණවලට සල්ලි ගෙවන්නේ කවුරුන් ද? ඒකයි ප්‍රශ්නය

:       0       0

Mahesh Wednesday, 07 May 2025 02:45 PM

අපරාධයක් නොවන මරණයක් නම්, තවත් මේ මරණයට ලක්වූ පුද්ගලයන්ගේ ආත්මයන්ට අපහාස නොවන පරිදි, ආගමික වතාවත් කර බූමදාන කටයුතු කිරීමට නිසි බලධාරීන් සූක්ෂම ලෙස අවශ්‍ය කටයුතු කරන්න . කරුණාකර, මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ මළසිරුරු ආධාහනය කරන්න

:       0       11

සකියම Wednesday, 07 May 2025 07:04 PM

2048 ජනාධිපති වෙන අපේ සීයාගෙන් ඇහුවා නම් කියයි, හඳුනාගන්න බැරි මළසිරුරු වලට මොකද කරන්නේ කියලා. පුතාණෝ වුණත් දන්නවා ඇති, නැත්නම් පියානෝගෙන් අහලා කියයි. ඕවාද ප්‍රශ්ණ අම්මපා...!

:       0       3

සකියම Wednesday, 07 May 2025 07:08 PM

මැරුණාට පස්සේ ආයේ ආත්ම රෙද්දක් නෑ. මළ එකා මළා. භූමදාන කලත්, ආදහනය කළත්, බල්ලන්ට කන්න දැම්මත් වෙනසක් නෑ. මැරෙන්න කලින් බේරගන්න ඇර... ආගම වනාහි... දේශපාලනයේ පැරණි පැතිකඩ වේ.

:       1       4

ඉලේපෙරුම Thursday, 08 May 2025 11:18 AM

මේකේ ප්‍රශ්නය සිරුරු වළ දැමීම / ආදාහනය කිරීම නොවෙයි. මේ මිය ගිය පුද්ගලයන් හඳුනා ගන්නට නොහැකි වීමයි. අවසන් කටයුතු රජයේ වියදමින් කළත් මිය ගිය පිරිස් හඳුනා ගන්නට නොහැකි වීම බරපතල කාරණයක්. ඒ කියන්නේ එක්කෝ මේ අය කාත් කවුරුවත් නැති අය, කවුරුන් හරි බොරු තොරතුරු දී රෝහලට ඇතුළත් කරලා. මිය ගියොත් අවමංගල කටයුතුවල වියදම දරන්න වීම හා රෝහල්ගානේ පොලීසි ගානේ රස්තියාදුවීම මග හැර ගන්න බොරු තොරතුරු දුන්නා වෙන් පුළුවන්. ඒ හේතුවෙන් මේ අය හඳුනා ගන්න කවුරුවත් එන්නෙ නැහැ. එහෙම නැති නම් යමක් කර කියාගන්න බැරි තරම් දුප්පත් පවුල්වල අය. අලුතින් පටන් අරන් තිබෙන වැඩිහිටි නිවාසවල පාලකයන් කරන දෙයක් තමා අසනීප වන අයව රජයේ රෝහලකට ඇතුළත් කිරීම හා රෝගියා මිය ගියහොත් රෝහල පැත්ත පළාතේ නොයාම. ගෙදරට කරදරයක් හිසරදයක් වන වැඩිහිටියන් ගෙවන වැඩිහිටි නිවාසවලට ඇතුළත් කිරීමත් දැන් බහුලව නිරීක්ෂණය කළ හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site