ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ශ්‍රීලංකා වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මහතා සභගාගී වීමට නියමිත බව එම සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා පැවසීය.
මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත සමුළුවේදී නව සොයාගැනීම්,නව නිශ්පාදන එළි දැක්වීමට නියමිත අතර නව තාක්ෂණික දැනුම ලාංකික භෞත චිකිත්සකයන්ට ලබාදෙන බවද කියති.
ආචාර්ය සුජීව වීරසිංහ මහතා මීට පෙරද ජාත්‍යන්තර සමුළු කිහිපයකටම ශ්‍රීලංකාව නියෝජනය කරමින් සහභාගීව ඇති අතර ලෝක භෞත චිකිත්සක සමුළුවේදී ඔහු හඳුන්වාදුන් හිසරදය සුව කිරීමට භෞත චිකිත්සාව සහ වේදනාව මැනීමේ මිණුම් දණ්ඩයක් යන පර්යේෂණයන් ඉහළ පිළිගැනීමකට ලක්විය.
ආචාර්ය සුජීව වීරසිංහ මහතා යුද හමුදා රෝහලේ හිටපු ප්‍රධාන භෞත චිකිත්සකවරයාද වේ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භෞත චිකිත්සක එතෙර සමුළුවට
ජනක Sunday, 24 January 2016 12:52 PM
ලංකාවේ අඩු පහසුකම් මැද නව නිපැයුම් කරලා රටම දිනවපු ඔබ නව දැනුම අරන් තවත් අලුත් නිර්මාණ කරලා රෝගීන් සුවපත් කරන්න පෙරමුණ ගන්න .ජයවේවා.! (ර)
සුමුදු තිසේරා Sunday, 24 January 2016 03:12 PM
යුධ හමුදාවේ මහත්වරු හැම අතින්ම අපේ රටට ජයමග පෙන්නනවා . සුබපැතුම් (බ)