භූතාන මැතිවරණයෙන්, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජය හිමිවිය. ඒ, ආසන 47 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 30 ක් දිනා ගනිමිනි.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන්නේ භූතානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ ය. ඒ අනුව, භූතාන අග්‍රාමාත්‍ය ධුරයට යළිත් වරක් ෂෙරිංග් ටොබ්ගේට හිමිවනු ඇත.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අභියෝගයක් වූයේ භූතාන ටෙන්ඩේරල් පක්ෂයයි. ඊට දිනා ගැනීමට හැකිවූයේ ආසන 17 ක් පමණි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ෂෙරිංග් ටොබ්ගේ 58 හැවිරිදිය. භූතාන පාර්ලිමේන්තුවට බලය පැවැරීමෙන් පසු එරට පැවැති සිවුවැනි මැතිවරණය මෙයයි. 2008 වසර වනතුරු භූතානයේ පැවැතියේ රාජාණ්ඩුවකි.
2008 වසරේ පළමු භූතාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූයේ ෂරිංග් ටොබ්ගේය.
ලොව සතුට පිරුණු රට ලෙස සැලකෙන්නේ භූතානයයි. භූතාන මැතිවරණය ආරම්භ වූයේ පසුගිය 2023 නොවැම්බර් 30 වැනිදාය. අවසන් වූයේ ඊයේ (9) දිනයේය.
භූතානය ආසියාවට අයත් බෞද්ධ රාජ්‍යයකි. ජනගහනය 727,145 කි. භූතානයේ බෞද්ධ වැසියන් සියයට 84.3 කි. හින්දු වැසියන් ගණන සියයට 11 කි. භූතානයේ ඇත්තේ ඒකීය පාර්ලිමේන්තු අර්ධ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි.
භූතාන පාර්ලිමේන්තුව ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (ජාතික කවුන්සිලය) සහ පහළ මන්ත්‍රී මණ්ඩලයකින් (ජාතික මන්ත්‍රණ සභාව) සමන්විතය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
භූතාන මැතිවරණයෙන් හිටපු අගමැතිට ජනවරමක්