(බී.ජී.චතුරංග)

ඓතිහාසික රුවන්වැලි සෑ දොරටුව අභියස දන්සල් ඉඩමේ පැවැති මාරාන්තික උපවාසයට අසලට ආ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ උපවාසයේ යෙදී සිටින බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් වහන්සේලා අතර අද ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

බලංගොඩ කස්සල හිමි අසලට ආ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු පිරිසක් අතර මෙම ගැටුම ඇති වූ බව වාර්තා වේ. 

පහර කෑමට ලක් වූ රාජංගනේ සද්ධාරතන හිමි තුවාල ලබා රෝහල් ගත කර ඇත.