
(ඉන්දිකා රාමනායක)
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයක ලක්ව ඇත්තේ තිස්හත් හැවිරිදි එක්දරු පියෙකි.
මෙම අඹුසැමි යුවල ඉකුත් (07)වන දින රාත්‍රියේ නිවසේ දී බස් වී ඇති අතර එම බහින්බස්වීම දුර දිග යාමෙන් සැකකාරිය සිය සැමියාගේ උදරයට වීදුරු කැබැල්ලකින් ඇන තුවාල සිදුකර ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දින පහක කාලයක් ත්‍රිකුණාමලයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (12) වැනි දා පස්වරුවේ මියගොස් ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.