(කවීෂා ගරුසිංහ)
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුර බවත් එහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙම 13 දෙනා, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයන් බව පැවසේ.
පොලීසියට ලැබුණු වැඩිදුරටත් විමර්ශන මඟින් හෙළිවී ඇත්තේ කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැති බව බෙලිඅත්ත පොලීසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.