(අංජුල මහික වීරරත්න)
අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමි ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් බුද්ධශාසන අමාත්යාංශ "දහම්පය" පරිශ්රයේ දී බුද්ධශාසන සභාව අද (20) රැස්විය.
බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජයේ පැන නැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබා ගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය ලේකම් ප්රින්ස් සේනාධිර මහතා කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදී. පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව ද පැහැදිලි කෙරිණි.
බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්රියා කළ යුතු බවට වන යෝජනාව මෙහිදී මහා සංඝරත්නයට ඉදිරිපත් කෙරිණි.
එම කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක් වූ අතර මෙම නීතිය ප්රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31 හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක , අමාත්යාංශ ලේකම් ප්රින්ස් සේනාධිර , බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා ඇතුළු පිරිස මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd