
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයේ ගොඩනැගිලි හතරක (04) විදුලි සැපයුම විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කිරීම හේතුවෙන්, එහි පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී එහි සේවකයන් මෙන්ම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
විදුලිය නොමැති වීම නිසා පරිගණක, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු කිසිදු විද්‍යුත් උපකරණයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර, කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත යැවිය යුතු වැදගත් සහ හදිසි ලිපි ලේඛන යැවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
අතිශය සංවේදී සහ රහස්‍ය තොරතුරු ඇතුළත් රාජ්‍ය ලිපි ලේඛන පිටත ආයතනවලින් ටයිප් කරගැනීමට නොහැකි වීම නිසා කාර්යාලීය ලිපි හුවමාරුව සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd