IMG-LOGO

බිම්ස්ටෙක් මහලේකම් සුව නි,ඇමති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා  සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ  මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය. 

මෙම හමුවේ දී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගීතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල  පිළිබඳව මහලේකම්වරයා සිය ප්‍රශංසා ව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ විභව ක්ෂේත්‍රයන් පිළිබඳව ද මෙහිදී කරුණු දැක්වීය.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවට  බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් 07 ඇතුළත් වේ.  



අදහස් (0)

බිම්ස්ටෙක් මහලේකම් සුව නි,ඇමති හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 604 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site