(සුමිත් පොතුපිටිය)
දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.
පැමිණිලිකරු තවත් අයකු සමග බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇත.
බිත්තර රෝල්ස් එකේ තිබූ බිත්තරයකට සමාන සුදු බෝලය හැපීමට නොහැකි වූ බව ඔහු කියා ඇත.
COMMENTS
තමන් නොදන්නා දෙයක් හපන්නට ගියේ ඇයි?
ඔය ආහාරය මාළු සහිත ආහාරයක්ද ?තරමක ලොකු මාළුවෙකුගේ ඇසෙහි කොටසක් විය නොහැකිද ?මාළු ඇහේ සුදු කොටස තරමක් හයියයි.අවශ්‍ය කෙනෙකුට සපා කා බැලිය හැකිය
මේක බොරැවක් සංපූර්න බිත්තරයක් දාපු බිත්තර රෝල්ස් මොන රටේවත් නෑ
ඔව් ඉතින් අද ගණන් වල හැටියට බිත්තර රෝල්ස් වලට රබර් ප්ලාස්ටික් බිත්තර බෝල දානවා ඇරෙන්න කිකිළි බිත්තර ,රත්තරන් බෝල දාන්න පුළුවන් කමක් නැහැ නේ
පේස්ට්‍රි බාසුන්නැහැගෙ වත්ද?
ලංකාව මෙවරත් පරදිනව ෂුවර්. ඇයි මිනිස්සු මොලේ ටිකක් වත් පාවිච්චි කරන් නැත්තේ . මේකේ වීඩියෝවෙන් පේනවා කරන ගොන්කම. ප්ලාස්ටික් හාල් හෝ බිත්තර කෑමට ගන්න බෑ. ඒවා හදන වීඩියෝ තිබුනට ඒවා හදන්නේ සෙල්ලම් බඩුවලට විතරයි
ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් නිසා නම දාන්න ලැජ්ජ ඇති නේ ද? සාමන්‍ය මනුෂ්‍යයෙකුගේ නම් කඩේ නමයි,මූණයි,කුස්සියේ පිංතූර යි ඔක්කොම දාන්න කොන් ද තියෙනවා. මේක වැරැද්ද ක් නොවේ වෙන්න ඇති.