(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටිප්‍රාථමික විදුහලක 4වෙනි වසරේ ඉගෙනුම ලබනසිසුවියන් තිදෙනකුට සහ සිසුවකුට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වාඑම සිසු සිසුවියන්ගේ ඇඟපත අතගා ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි කියනඑම විද්‍යාලයේ අනධ්‍යන කාර්ය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අයකුවෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (5) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි
එම සිසු සිසුවියන් ගෙන් මේ බව විදුහල්පතිවරයාට දැනගැනීමටලැබීමෙන් පසු විදුහල්පතිවරයා පැමිණ මේ ගැන පොලීසියට පැමිණිලිකර තිබේ.
ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවාවෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
අසභ්‍ය දර්ශනපෙන්වීමට යොදාගත් බව කියන ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ පුත්තලම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර සහ වෙන්නප්පුව පොලිස් අධිකාරීවසන්ත කුමාර යන මහත්තුරුන්ගේ උපදෙස් මත වෙන්නපුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසැලේ ඔය තනතුරු දරන්නේ ප්‍රාදේශීය දේශපාලන කටයුතු කරන එකෙක් හෝ නැත්නම් උගේ නෑයෙක් හිතවතෙක් මිස වෙනත් කිසිවකු නොවෙයි එනිසා මෙය ඇත්තක් නම් සේවයෙන් පහකල යුතු වුනත් ඔතනදි කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
අලුත් පාඩම් උගන්වන්න අමාරුයි කලබල නැතුව ඉවසීමෙන් වෙලාව අරගෙන කරන්න ඕනේ.