
(විමුක්ති එස් රුද්‍රිගු)
නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධානියකුට බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවනු ලැබුවේය.
ශ්‍රී ලංකා හිටපු යුධ හමුදාපතිවරුන් දෙදෙනකු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය මෙලෙස සම්බාධක පනවා තිබේ.
ඒ අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ කිසියම් දෙපළක් බ්‍රිතාන්‍ය තිබේ නම් එම දේපළ තහනමට ලක්වනු ඇති අතර ඔවුන්ට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමද තහනම් වනු ඇත.
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩේවිඩ් ලැමී සම්බාධක පනවමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සිවිල් යුද්ධය පැවැති සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අපයෝජනයන්වලට වගවීම සෙවීමටත්, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍ය කැපවී සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරය කරන්නම රට පකිස්තාන කාරයො පිරිලා
වසන්ත කරන්නාගොඩ, ජපානයේ හිටපු තානාපති! මෙහෙම උං ද තානාපති කොරලා යැව්වෙ රාජපස්සලා?
මේ ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට විතරයි. ජාතිවාදය වැපිරූ සිංහල, දෙමල නායකයින් වගේම බෙදා වෙන්කිරීම රටවල් පාලනය කරන්න යොදාගත් එංගලන්ත ප්‍රමුඛ ආක්‍රමණිකයන්ද මේවාට වගකිව යුතුයි. සැබෑ යුක්තිය ඉෂ්ඨ වෙන්නේ මේ සියල්ලෝම වගකිවයුත්තන් ලෙස නම්කර සිදුවන පරීක්ෂණයකින් පමණයි.
බලමු ආණ්ඩුව මෙයට තදින් විරෝධය දක්වයිද නැත්නම් කොටි ඩයස්‌පෝරාවේ සල්ලිවලට යටවෙලා කටවහන් ඉඳියිද කියලා.
බටහිර කියන්නේ ත්‍රස්තවාදීන්ට දොර ඇරලා නීතිගරුක සමාජයට දොර වහන කොටසක්නේ. ඒ ගැන ඒ හැටි කළබල වෙන්න අවශ්‍ය නෑ. වර්ථමාන ආණ්ඩුව ට නම් මේ ගැන කිසිම හැඟීමක් ඇතිවෙයි කියලා හිතන්න බෑ.
යුද අපරාධකරුවන්ට හොඳ තීරණයක්
ඉතින් බ්‍රිතාන්‍යයට නොගිහිල්ල ඉන්නම බැරි ගායක් තියෙනවද? දේපල එහෙම අරගෙන තියනවද? එහෙම නම් ඒව මොන ක්‍රමයෙන් මිලයට ගෙන තියෙනවද කියල ආණ්ඩුව හොයන්න ඕන! ලංකාවේ පටිවලින් බ්‍රිතාන්‍යය දේපොල ගන්න එක බැරි බව ඇත්ත නේද?
පක්ෂ දේශපාලනයෙන් අන්ධ වුණු මනස් ඇති මිනිස්සු මොනවා කිව්වත් ඒවල එච්චර අගයක් නෑ. පාලකයින් පත්වෙලා ඉන්නේ නිසි කලට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. තමන්ගේ පැවැත්ම විතරක් හිතන පාලකයින් නිසා වරප්‍රසාද රහිත පවුල්වලින් උතුරින් හෝ දකුණින් එන තරුණ තරුණියන් උද්ඝෝෂණ, අරගල අවසානයේ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුවීම වළක්වන්න බැහැ.
මෙහි ඇති වඩාත්ම විහිළු සහගත ස්වභාවය වන්නේ කිසිම එල්ටීටීඊ ත්‍රස්තවාදියකුට කිසිවකුට මේ චෝදනා නොමැති වීමයි. එහි තේරුම ඔවුන් ඉතා විනයගරුව අන්දමින් ත්‍රස්තවාදී කටයුතුවල නියැලුණු බවට එක්සත් රාජධානියේ ඊනියා ආණ්ඩු සළකන බව ද? එසේම, එසමයේ යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ද මේ බටහිර රටවලින් කිසිම අවලාදයක් නොමැති වීමත් පුදුම සහගත ය. ශවේන්ද මහතා පසුගිය අරගල සමයේ බ්‍රිතානි සහ ඇමරිකානු උවමනා වෙනුවෙන් පෙනී සිටියත් ඔහුටත් ඉන් ප්‍රයෝජනයක් අත්වී නොමැති සේ ය. අපගේ නිවට ආණ්ඩුව නම් මෙහි දී අඳ ගොළු බිහිරි න්‍යායයෙන් කටයුතු කරනු ඇති බවට නම් කිසිම සැකයක් නැත.
නීතිය කාටත් එක විය යුතුයි, අපරාධයක් කර ඇත්නම් තරා තිරම නොබලා දඩුවම් කල යුතුයි ඒක අපි මෙහෙම පටන් ගන්න කියලා එංගලන්ත ආණ්ඩුවට යෝජනා කරමු. එනම් 1815 දී මෙරට ආක්‍රමණය කිරීම, දේපොල මංකොල්ල කෑම හා ස්වදේශිකයන්ට එරෙහිව ත්‍රස්තවාදය පැතිරීම හා ගාතනය කිරීමට එරෙහිව පෙඩ්රික් නෝර්ත්ගේ සිට මේසන් මුවර් දක්වා සියලුම බිත්‍රානය ජාතිකයන්ට එරෙහිව නඩු පවරා දඩුවම් ලබා දිය යුතු බවට.
එක්සත් රාජධානියේ විශාල LTTE ජනගහනයක් සිටිති.
අනේ කව්ද බොලගේ රටේ සංචාරයේ එන්නේ...යන්නම ඕනේ රට....
රාජපක්ෂ හැතිකර අපත පවුලේ එවුන්ටත් ඔය තහනම පනවන්න ඕනෑ...
ඒ කාලේ ඉන්දියානුවන් නිෂ්පාදනය කරපු සබන් එකකට පවා එන්පිපි වහලුන්ට සහ ඔවුන්ගේ ලොක්කන්ට බෝයිකෝට් එකක් තිබුණා. ඔවුන් බටහිර ලෝකය හැඳින්වූයේ "අධිරාජ්‍යවාදී" ලෙසයි. කෙසේ වෙතත්, මෙම එන්පිපි දුක්ඛිත හා කාලකණ්ණි ලොක්කන් සම්පූර්ණයෙන්ම යූ ටර්න් එකක් ගෙන අපේ හමුදා හමුදාවන්ට සමච්චල් කළා. දැන් එන්පිපි වහලුන්ට කොටි කළා වගේ මොළේ පෑදිලා තියෙන නිසා, ඔවුන්ට විරෝධතාවයේ කෙඳිරිගෑමක් නැහැ. අඩුම තරමේ නාමල්ට එන්පිපි බලඇණිවල ඊනියා නායකයින් නිහඬව සිටින කොඳු නාරටියක් තිබුණා. අපි ජීවත් වෙන්නේ මොනතරම් දේශද්‍රෝහී රාජ්‍යයකද?
රටේ ජනතාවට යුද සමයේ සිදුවුණු සිදුවීම් සහ රණවිරුවන් යුද්ධය නවත්වන්න වෙහෙසුණු හැටි අමතක වෙලා
ශවේන්ද්‍රගේ දියවන්නාවේ ගෙදර අනීතික ඔප්පුවකින් රිසවේෂන් ඉඩමක තියෙන්නේ කියන කතාවක් තියෙනවා. අදාල බලධාරින් මේ ගැන පරීක්ෂණයක් පවත්වා මොහුගේ නම නිරවුල් කර දෙන්න. නැත්නම් නඩු දමන්න.
සරත් ෆොන්සේකා මහතා මෙම ලැයිස්තුවට ඇතුළත් නැද්ද?
කප්පම් ගැනීම සඳහා ළමයි පැහැරගෙන ගොස් මරා දැමීමේ කේස් එකේ අළුත්ම තත්වේ මොකක්ද? කරන්නාගොඩ ඇතුළු පිරිසට ඇතුළට යන්න වේවිද ළඟදීම…?
සාගර ඔයාට උතුර දකුණ මාරුවෙලා..., මේ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වුනේ වසර ගණනාවකට පෙර, මේවාට වගකියන්න ඕනේ එම කාලේ සිටි අපේ තානාපති අංශ මේ ප්‍රශ්න ජාත්‍යන්තරය ඉස්සරහ සාකච්ඡා වෙනකොටම ඔවුන් ඉදිරිපත්වෙලා උත්තර බඳින්න ඕනේ. නමුත් අප්පච්චිගේ කාලේ තානාපති කම් කලේ නිලා වික්‍රමසිංහ, විශ්‍රාම ගිය දේශපාලකයින්, හමුදා නිලධාරීන් වැනි පුද්ගලයින් ඔවුන්ට තානාපති සේවය ගැන දැනුමක් තිබුනේ නැත.. මේ ඔක්කෝම ප්‍රශ්න වර්තමාන ජනාධිපතිවරයාට විසඳන්න බැරිය. ඔහු දන්නා යුද්ධයක් නැත.. ඕවාට උත්තර බඳින්න හොඳම පුද්ගලයින් දෙදෙනා වන්නේ සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ය..
සාගර ඔයාට වයර් මාරුවෙලා, එම කාලේ යුද්ධය පැත්ත පළාතකවත් නොගිය සිවිල් වැසියෙකු වුණු අනුර දිසානායක කොහොමද මේවාට උත්තර දෙන්නේ? ඔහු උත්තර දෙන්න ගියොත් මේක අර වඳුරාගේ කතාව වගේ තවත් අවුල් වෙනවා. මේවාට උත්තර දෙන්න ඕනේ සරත් ෆොන්සේකා...!
මාලිමාවේ සහ ඩයස්පෝරාවේ එක්තරා ප්‍රතිපලය මේකයි.