(ප්‍රින්ස් රත්නායක)
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.
පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද ඇතුළුව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත.
එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනකු රෝහල් කරා යොමු කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බළංගොඩදි බස් තුනක් එකට ගැටේ
eresh s kumara Thursday, 11 September 2025 08:55 AM
මේක හිතා මතා කරපු දෙයක් වගේ පේන්නේ