
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත තුළ බහළු මෙහෙයුම් සිදු කිරීමට හා වරාය පරිශ්‍රය තුළ අන්තර් පර්යන්ත ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් බලයෙන් ක්‍රියා කරන ප්‍රයිම් මුවර් රථ හා පර්යන්ත ට්‍රැක්ටර් 119ක් භාවිත කරනු ලබයි.
ඒ අතුරින් රථ 60 ක් වසර 20 කට වඩා පැරණි වන අතර, නිතර අලුත්වැඩියා කළ යුතුව ඇත. එම තත්ත්වය සලකා බලා පර්යන්ත ට්‍රැක්ටර් රථ 20 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය 2023 වසරේදී තීරණය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී තිබේ.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යාවත්කාලීන අවශ්‍යතාවට අනුව, පෙර යෝජනා කරන ලද ඩීසල් භාවිතයෙන් ක්‍රියා කරන පර්යන්ත ට්‍රැක්ටර් වෙනුවට විදුලි බලයෙන් ක්‍රියා කරන ප්‍රයම් මුවර් රථ 20 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 1,000 ක් එම අධිකාරියේ 2025/2026 ප්‍රාග්ධන අයවැය යටතේ වෙන් කර තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය යටතේ එකී ප්‍රයිම් මුවර් රථ 20 මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක්