IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා

(යොහාන් භාසුර)  

ආනයනික බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන බහලුම් 323 ක් තෝරා නිදහස් කළ බවත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහලුම් සියයට 60 ක් පමණ භෞතික පරීක්‍ෂවෙන් තොරව දෛනිකව නිදහස් කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආනයන බහලුම් 323 ක් රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම බහලුම් නිදහස් කිරීමත් සමඟ සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වූ අතර එමගින් ආනයනකරුවන් විශාල ප්‍රමාණයකට අඩු කාලසීමාවක් තුළ අවම වියදමකින් ආනයන බහලුම් නිෂ්කාශනය කළ හැකි වූ බව කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවිආයුධ, රත්රන්, සහ මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව මෙරටට පැමිණීමට සහ රේගු ආදායම අහිමිවීමට මෙම නිදහස් කිරීමෙන් හැකියාවක් නොමැති බවද සඳහන් කරයි. 

 



අදහස් (7)

බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා

Nimal Thursday, 30 January 2025 09:40 PM

බහාලුම් නිසි පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් දුෂිත ජාවාරම් මේ නිසා ක්‍රියාත්මකවීමට හැකිවේ හෝ මේ වනවිට ක්‍රියාත්මක වනවාට සැකයක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම මෙතරම් වියපත් වීමට සහ මත්ද්‍රවය සොයා වැටලීම් කළද මත්ද්‍රව්‍ය නැවත නැවත මතුවීම පිලිබඳවත් සොයා බැලිය යුතුවේ. මුදල්වලට සියල්ල කළ හැකිය, නිශ්කාශන පිළිබඳ තීරණ ගන්න රේගුවේ ඉහළ කළමනාකාරිත්වය රට තුළ යම් අනතුරක් සිදු වුවහොත් ජාතික ආරක්ෂව පිළිබඳ වගකීම ගන්නේද ?

:       5       37

AslamFriday, 31 January 2025 08:25 AM

ඔබ සමඟ 100% එකඟයි... අපේ රට කොහේද යන්නේ කියලා තේරෙන්නේ නැහැ...

:       0       7

AlahakoonFriday, 31 January 2025 09:21 AM

ඉස්සෙල්ලම වරායක වැඩ කෙරෙන හැටි හොයලා බලන්න. හැම කන්ටේනර් එකක්ම ඇරලා බලලා චෙක් කරන්නේ නැහැ. ලිපි ගොනු බලලා නිදහස් කරන එක සාමාන්‍ය දෙයක් මම දන්න විදිහට.

:       4       2

senaFriday, 31 January 2025 04:33 PM

එය ලිපිගොනු මත පමණක් නොව විශ්වාසය පදනම මත සිදුවන්නේ. එම පදනම ඔවුන්ගේ ආනයන ඉතිහාසය මත රඳා පවත්වන්නේ. එයට රේගුවට වඩා රජයේ තවත් ආයතනවල තොරතුරු සම්බන්ධ වේ...

:       0       3

Lal Thursday, 30 January 2025 11:08 PM

මතකද බොනිකර තරුව කිව්වා. මේවා කරන්න නායකයෝ ඕනෙද කියලා... දැන් ඉතින් හෝදපල්ලා. කෝ මේ රට පෙරට... සෙනෙවිරත්න, භද්‍රානි... එන්න, එන්න. ලොකු කුණු ගොඩක් තියෙනවා.

:       0       7

Ahamed (Gulf) Friday, 31 January 2025 12:52 AM

ජරාව කොතනද... එතැන පරීක්ෂා නැත...

:       0       6

Nandana Friday, 31 January 2025 08:21 AM

ඕකට තමයි තදබදය ඇතිකළේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 255 0

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකක ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 1487 1

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි
2025 මැයි මස 07 2679 7

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය


සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
2025 මැයි මස 07 708 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 312 2

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 1560 1

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 954 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 239 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1287 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site