IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘බහලුම් තදබදය දින තුනෙන් අවසන් කරනවා‘‘

(යොහාන් භාසුර)

කොළඹ වරාය තුළ බහලුම් තදබදය ඉදිරි දින දෙක, තුන තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශ, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (26) පැවසීය.

සීවලී අරුක්ගොඩ මහතා කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මෙරට ආනයනික බහදුම් ලැබීමේ ඉහළ යෑමක් පසුගිය සතියේ දැකිය හැකි වූ බවත් සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සතියේ දිනකට ලැබෙන බහලුම් සංඛ්‍යාව 2400 ක් 2500 ක් දක්වා ඉහළ ගිය බවත් ඒ මහතා කීය.

රේගුව සතුව දිනකකට බහලුම් 1200 ක් හෝ 1500 ක් පවමණක් නිදහස් කිරීමට පහසුකම් ඇති බව කී අරුක්ගොඩ මහතා එම ප්‍රමාණය බහලුම් 1500 ඉක්මවූ වාහාම තදබදයක් ඇති බව බව ද සඳහන් කළේය.

වාහන ආයනය ඉහළ යෑම සහ රජය ලුණු ආනයනයට අවසරදීමත් සමඟ ලුණු බහලුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව ද කී අරුක්ගොඩ මහතා එම බහලුම් නිෂ්කාශනය කිරීමේදී ප්‍රමාදයක් ඇති වූ බව ද ඒ මහතා කීය.

ලුණු බහලුම් ලැබුණු පසු පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණක් නිදහස් කරන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්‍ෂකවරු පරීක්‍ෂා කිරීමෙන් පසුව නිදහස් කිරීමට අනුමැතිය ලැබුණහොත් පමණක් ලුණු බහලුම් නිදහස් කළ හැකි බවත් ලුණු නිදහස් කිරීම සඳහා අවශ්‍ය වාර්තා ගැනීමට දින කීපයක ප්‍රමාදයක් වන බවත් අරුක්ගොඩ මහතා පැවසීය.

වර්තමානය වන විට බහලුමක් නිදහස් කිරීමට දිනයක් හෝ දෙකක් පමණක් ප්‍රමාද වී ඇති අතර පසුගිය කාලයේ මෙන් දින 10 ක් දක්වා ගිය ප්‍රමාදයක් දැනට නොමැති බවත් සියලුම බහලුම් ඉතාම ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ මහතා සඳහන් කළේය.

වරාය අධිකාරිය දුන් අංගනය තවමත් සකස් කරමින් තිබෙන නිසා එය පාවිච්චි කිරීමේ හැකියාවක් නොමැති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එය ලැබුණු වාහාම බහලුම් නවතා ලැබීමට පාවිච්චි කළ හැකි බවත්ය.

 



අදහස් (9)

‘‘බහලුම් තදබදය දින තුනෙන් අවසන් කරනවා‘‘

යෝගා Friday, 27 June 2025 09:48 AM

රතු ලේබල් කීයක් නිදහස් කරන්න කියලා කිව්වද?

:       25       31

විපරමාFriday, 27 June 2025 02:06 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටියා නම් මෙළහකටත් ඔවුන්ගේ ඒවා නිදහස් කරගෙන හමාරයි...!

:       17       7

don Friday, 27 June 2025 10:13 AM

ලුණු සහ අයිස් එක වගේම නිසා ඉතාම පරීක්ෂාකාරී වෙන්න වෙයි . මට නම් හිතාගන්නවත් බහ ලංකාවට ලුණු ගෙනාවා කිව්වම

:       4       32

අපරාධ පරීක්ෂකFriday, 27 June 2025 04:27 PM

දොන්, තමන් අයිස් ගැන හොඳට දන්නා බව තමන්ගේ කමෙන්ට් එකෙන් පෙනෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් ගැන පරීක්ෂාවෙන් ඉන්නේ. ළඟදීම තමන්ට කටඋත්තරයක් දෙන්න එන්න කියලා පණිවිඩයක් ලැබෙයි. ඒ එනකොට නවතින්න බලාගෙන... ජම්පර් දෙකතුනක්, බැනියම් කිහිපයක් අරගෙන එන්න. කෑම ගැන කරදර වෙන්න එපා.. ප්‍රශ්න කරද්දී මදි නොකියන්න පරිප්පු සමග " කෑම " හම්බවෙයි.

:       6       1

don Saturday, 28 June 2025 09:17 PM

අනේ පොලිසියේ රාලහාමි මහත්තයෝ, මම මේක නිකම් කියපු දෙයක් විතරයි. කරුණාකරලා මට සමාවෙන්න, මීට පස්සේ ඒ වගේ කොමෙන්ට්ස් පළකරන්නේ නැහැ, මේ සත්තයි. අනේ මහත්තයෝ මට චුටි පුතාලා දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන.මට කරදරයක්නම් කරන්න එපා.

:       0       0

prasanna Friday, 27 June 2025 10:13 AM

ප්‍රමාද උනාට කමක් නැහැ .හිරකර ගන්න එපා . කලින් වතාවේ වගේ .අර්චුනා බලාගෙන ඉන්නේ

:       10       19

අරවින්ද මොණරවිල Friday, 27 June 2025 11:26 AM

විපක්ෂයේ දඩෝරියන්ට මස් කටුවක් ලැබුණා එහෙම නම්...!

:       20       10

සෙනෙවිරත්න Friday, 27 June 2025 12:54 PM

එපා කලබල වෙන්න එපා. මේකේ දිග, පළල බලාගන්න ඔහේ යන්න අරින්න. සජිත්ට ගම්මන්පිලට, අර්චුනාට ඔතැන විඩිවෙලා බලාගෙන ඉන්න කියන්න. නැත්නම් එල්ලෙන්න වැල් නැති විපක්ෂයට මාස හයක් කියවන්න මාතෘකාවක් ලැබෙනවා...!

:       19       13

ගුණරත්න Saturday, 28 June 2025 07:55 AM

මේ ආණ්ඩුව ආවාට පස්සේ හදපු අවුල්ජාල වල ප්‍රතිඵලය තමයි ඔය. මේ අවුරුදු 5ක් ඉවර වෙන්න ආවාම බලන්න පුළුවන් මොවුන්ගේ හැකියාව සහ පුනරුදේ තරම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16863 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site