බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට මනමා නුවරදී විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
මැදපෙර දිග කළාපයේ පිහිට වු මෙම නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා හා බහරේන් තානාපති සබඳතා තරකර ගැනීමටත් එරට සේවය කරනා 15,000කට වැඩි ලාංකික ශ්‍රමිකයින්ගේ කොන්සියුලර් සේවා කඩිනමින් සැපයීම සිදු කෙරෙනු ඇතැයි බහරෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ආර්.කේ.එම්.ඒ.රාජකරුණා මහතා නව තානාපතිවරයාය.තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ගේ නර්තන වලින් විචිත්‍ර විය.මීට පෙර බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සිදු කෙරුණේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙනි .
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බහරේනයටත් තානාපතිවරයෙක්
මංජු Tuesday, 04 June 2013 07:31 PM
වැඩේ හරියට කෙරෙන්න ඕනෑ හොදේ. නැතුව ඕවට යොදවන වියදම් අපතේ (නි)
ජයලත් Tuesday, 04 June 2013 07:49 PM
ඉතා වැදගත් මගේ සුබපැතුම්!(නදී)
මගලී Tuesday, 04 June 2013 07:50 PM
මේ වැඩේට මුලික උනේ ජැකොලයින් ෆෙර්ණැන්ඩස් කියන නිළිය...(නදී)
ටෙනිසන් Wednesday, 05 June 2013 08:41 AM
තානාපතිතුමණි, ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබට සුබ අනාගතයක් (නි)
නිමල් Tuesday, 04 June 2013 10:34 PM
නිලධාරීවාදය, උද්දච්ජකම නොමැතිව වැඩ කිරීමට ශක්තිය ලැබෙවා. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රගතිය නිරීක්‍ෂණය කෙරෙත්වා (මෙම කාර්යාලය ඇතුළු ලෝකයේ සියළුම තානාපති කාර්යාල) - දුක්ගැනවිලි සදහා වෙනම අංකයක් / ඊමේල් ලිපිනයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇති කෙරේවා!(නදී)
ජෙෆ් Wednesday, 05 June 2013 12:02 AM
ඉතා වැදගත් ! ස්තුතියි ඔබට ! (නි)
චාමික Wednesday, 05 June 2013 12:39 AM
සිද්ධ වුනේ නම් හොද වැඩක්.ඔබතුමා ආදරෙන් අපි පිළිගන්නෙමු (නි)
මුතුකුඩ Wednesday, 05 June 2013 02:17 AM
ඔවි ඔවි මගලී ඒ නිලිය තමයි මේ වැඩේට මුලික වුනේ.(නදී)
මංගල Tuesday, 04 June 2013 05:22 PM
ලෝකයේ සෑම රටකම අපේ තානාපති කාර්යාල පිහිටවන එක හොදයි. ගොඩකට රැකියා ලබා දෙන්නත් පුළුවන්. (නි)
තිළිණ Tuesday, 04 June 2013 06:13 PM
මමත් බහරේන් වල තමයි වැඩ කරන්නේ. රජයට ගොඩක් ස්තුතී කරනවා. දැන් අපිට ගොඩක් පහසුයි (නි)