(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන ගල් වල පාර පදිංචිව සිටි කුඩා ලියනගේ දොන් සජිත් මධුසංඛ 34 යන අයයි.
බරපතළ තුවාල ලද පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අද( 23) දෙපාර්ශවය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව බහින් බස්වීම සිදුවී මෙම පිහි ඇනුම වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
බරපතල තුවාල ලද පුද්ගලයා රක්වාන පදිංචි කරුවෙකි. කෝට්ටේ මිරිහාන ගල්වල පාර පදිංචි සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් ඇත.
මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බහින් බස්වීම පිහි ඇනුමෙන් කෙළවර වෙයි